මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාරත් රත්න සම්මානය ශ්‍රී ලංකා ජනපතිට ලබාදෙන්නැයි යෝජනාවක්

    ඔක්තෝබර් 22, 2014
    ඉන්දීය ඉහළ ම සිවිල් සම්මානය වන භාරත් රත්න සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ලබාදීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙක් වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට සැලකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
     
    කලාපීය වශයෙන් බලපා තිබූ ප්‍රශ්නය මෙන් ම ඉන්දීය ආරක්ෂාවට බලපෑම් එල්ල කළ එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීම සම්බන්ධයෙන් සලකා බලා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙම සම්මානය ලබාදීම සුදුසු බව සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ අදහස වී ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.
     
    1954 වසරේ භාරත් රත්න සම්මානය ලබාදීම ආරම්භ කළ අතර මේ වන විට පුද්ගලයින් 43ක් මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත. 
     
    ප්‍රථම පිදුම්ලාභීන් වූයේ සී. රාදගෝපාලචාරී, එස්. රාධක්‍රිෂ්ණන් සහ සහ සී.වී. රාමන් ය. 2013 වසරේ අවසන්වරට මෙම සම්මානයෙන් පිදුම් ලැබූවේ ඉන්දීය ක්‍රිකට් සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සහ විද්‍යාඥයෙක් වූ සී.එන්.ආර්. රාඕ ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya