අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබා ගෙන ඇති ණයවල ප්‍රතිලාභ ජනතාව භුක්ති විඳිනවා

    ඔක්තෝබර් 21, 2014

    ණය ගෙවීම අතින් ලංකාව ඉදිරියෙන් සිටින අතර ලබා ගෙන ඇති ණයවල ප්‍රතිලාභ ජනතාව භුක්ති විඳින බවත් කුඩා බැංකු, මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීම හදිසියේ ගත් තීරණයක් නොවන බවත් මේ පිළිබඳ ව මහින්ද චින්තන ඉදිරි දැක්මේ ද සඳහන් වෙන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී ඩී.එෆ්.සී.සී. බැංකුව (ඉවත් කිරීම හා ආනුෂංගික විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපයට ගොස් මුණ ගැසුණේ කවුද? කොටි නියෝජිතයින් මුණ ගැසී තිබෙනවා. දේශපාලනය කරන අයගෙන් මුණ ගැසී ඇත්තේ එක් මන්ත්‍රීවරයෙක් පමණයි. යුරෝපයට ගොස් එන විට කොටි තහනම ඉවත් වෙලා. අපේ මාළු මිලදී ගැනීම නතර වෙලා. මේවා ජනතාව දැන ගත යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya