මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගත්තේ රජයේ ඇති දක්ෂතාව නිසා

    ඔක්තෝබර් 21, 2014

    පසුගිය කාලයේදී ලෝකය පුරා බැංකු පද්ධතිය කඩා වැටුණත් අපේ රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට හැකි වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ ඇති දක්ෂතාව නිසා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී ඩී.එෆ්.සී.සී. බැංකුව (ඉවත් කිරීම හා ආනුෂංගික විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

    2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාර ගන්නා විට අපේ බැංකු පද්ධතියේ මුළු වත්කම තිබුණේ රුපියල් බිලියන 3,151යි. එම වත්කම අද වන විට රුපියල් බිලියන 10,318 දක්වා වර්ධනය කර ගැනීමට රජයට හැකි වී තිබෙනවා. 2005 වන විට රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු පද්ධතියේ වත්කම ට්‍රිලියන 1.8ක්. නමුත් එය ට්‍රිලියන 8.3 දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.


    2005දී තැන්පතු තිබුණේ ට්‍රිලියන 1.2යි. නමුත් අද වන විට බැංකු තැන්පතු ප්‍රමාණයත් ට්‍රිලියන 4.2 දක්වා වර්ධනය කර ගැනීමට රජයට හැකි වී තිබෙනවා. බැංකු ව්‍යාපාරය කඩාවැටීමක් සිදු වී නැහැ. අපගේ බැංකු ව්‍යාපාරය කර්මාන්තයක් ලෙස වර්ධනය වී තිබෙනවා. මීට පෙර රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කළා. එ.ජා.ප. රජයන් යටතේ බැංකු ක්‍රමය දේශපාලනය සඳහා යොදාගත් බව අමතක වෙලා. ඒ වගේ ම තමන්ගේ හිතවතුන් ණය ලබාගෙන තිබුණ නිසා ණය කපා හැරියා. වඩාත් ශක්තිමත් බැංකු පද්ධතියක් ඇති කිරීම සඳහා වෙන් වෙන් ව ඇති ආයතන කිහිපයක් එක් කිරීමේ වරදත් නැහැ. ණය පොලී අඩු වූ විට එය ජනතාවට වාසිසහගත බව ද අමාත්‍යවරයා කීය.

    දිවි නැඟුම බැංකු පද්ධතිය ඇති කළේ මේ රටේ දුප්පත් ජනතාවගේ යහපත උදෙසායි. රටක පොලී අනුපාතය තනි ඉලක්කමක අගයක් විය යුතුයි. රටක ආර්ථික සංවර්ධනයට එය ඉතා වැදගත්. මේ රටේ ජනතාවගෙන් අති බහුතරය ණය අරගෙන තිබෙනවා. ණය අරගෙන නැත්තේ ධනපති පන්තිය විතරයි. පොලී අනුපාතය තනි ඉලක්කමක පවත්වා ගෙන යාම බඩු මිල ප්‍රශ්නයටත් විසඳුමක්. පසුගිය කාලය පුරාවට සිදු ව තිබෙන්නේ නිලාකූරු සංවර්ධනයක්. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ දොළොස් මහේ පහන වැනි සංවර්ධනයක් සිදු වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya