අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපාවලී උළෙල වෙනුවෙන් ජනාධිපතිතුමාගේ සුබපැතුම් පණිවුඩය

    ඔක්තෝබර් 22, 2014
    චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසරේ ආරම්භය සනිටුහන් කරන හා හින්දු ප්‍රජාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක් වන දීපාවලී උත්සවය වෙනුවෙන් මේ පණිවුඩය එවන්නේ සතුටිනි.
     
    දීපාවලී උත්සවය නැතහොත් ආලෝකයේ උත්සවය අයහපත පරදා යහපත් අඳුර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සමරයි. එතුළින් වඩාත් ගැඹුරින් සැමරෙන්නේ අයහපත පරයා දැනුමේ ආලෝකය විජයග්‍රහණය කිරීමයි.
     
    දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සජ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල ආලෝකය දැල්වීමෙන් හා නිවෙස් ප්‍රදීපනය කිරීමෙන් සතුටින් හා උත්සවශ්‍රීයෙන් මේ ශ්‍රේෂ්ඨ උත්සවය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් ලොව පුරා සිය සහෝදර බැතිමතුන් සමඟ අද එක් වෙති. මේ සියල්ලෙන් ප්‍රකාශ කෙරෙන්නේ අවිද්‍යාවෙන් හට ගන්නා අනර්ථයන් පරාජය කිරීම උදෙසා දැනුම හා අවබෝධය ළඟා කර ගැනීම වෙනුවෙන් හින්දු දෙවි දේවතාවන්ට භක්තිය හා ස්තූතිය පුද කිරීමයි.
     
    හින්දු ධර්මයේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික හරයන් ඉස්මතු කෙරෙන මේ දීපාවලී උත්සව දිනය සෙනෙහසේ හා ශ්‍රද්ධාවේ ජීව ගුණයෙන් පිරී පවතින අතර මේ දිනය හින්දු භක්තිකයන්ට ඉතා උසස් අධ්‍යාත්මිකතාවක් සිතෙහි ධාරණය කරගැනීම, ප්‍රජාවන් අතර අවබෝධය ඇති කර ගැනීම හා ජනතාව අතර සුසංවාදය නැංවීම සඳහා උත්සාහ දැරීමේ අවස්ථාවකි.
     
    මේ උත්සවය හා බැඳී පවතින ආගමික සිරිත් හා ප්‍රමුදිතභාවයන් රටේ දැනට පවතින එමෙන් ම හින්දු ප්‍රජාවගේ උද්යෝගිමත් හා ක්‍රියාකාරී සහභාගීත්වය තවදුරටත් බලාපොරොත්තු වන සංහිඳියාවේ ජීව ගුණයට ද වැඩි වටිනාකමක් එකතු කරයි.
     
    හින්දු ධර්මය අනුගමනය කරන සියල්ලන් අතරට මේ ආලෝකයේ උත්සවය අවබෝධය, සාමය හා සතුට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු හින්දු භක්තිකයන්ට ප්‍රීතිමත් හා සාමකාමී දීපාවලී උළෙලක් මා ප්‍රාර්ථනා කරමි.
     
    මහින්ද රාජපක්ෂ 
    ජනාධිපති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya