මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්ද රාජපක්ෂ යුගයේදි නිදහස් අධ්‍යාපනය කප්පාදු කර නෑ

    මාර්තු 21, 2014

    මහින්ද රාජපක්ෂ යුගයේදි නිදහස් අධ්‍යාපනය කප්පාදු කර නැති බවත් මේ රටේ තුන් ලක්ෂ හැටදහසක් දරුවන් ජාත්‍යන්තර පාසැල්වල ඉගෙන ගන්නා බවත් ඔවුන්ටත් උපාධිය ලබාදීමට කොතලාවල ඇකඩමිය වැනි ආයතන බිහි කළ යුතු බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    2011-2012 වසරවලදී අමෙරිකාවේ අධ්‍යාපනය සඳහා 2500කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් ගොස් තිබෙනවා. ඊට අමතරව දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, නෝර්වේ, බංග්ලාදේශය වගේ රටවලටත් අපේ දරුවන් ගොස් තිබෙනවා.

    කොතලාවල වෛද්‍ය පීඨයේ පාඨමාලාවලට බඳවා ගෙන තිබෙන්නේ ඉසෙඩ් අගය 2.1ට ඉහළ අගයන් සහිත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ කඩඉම් ලකුණු මට්ටමට ඉහළින් ඇති ශිෂ්‍යයින් පමණක් යැයි ද දිසානායක මහතා පැවසීය.

    මේ ගැන විපක්ෂය අද ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණයෙන් වැරදියි. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා අවම ලකුණු මට්ටමට වඩා ඔවුන්ගේ ඉසෙඩ් අගය ඉහළ මට්ටමක් ගන්නවා. මේ පාඨමාලා හැදෑරීමට රුපියල් ලක්ෂ 31ක් අය කරනවා කියා විරුද්ධ පක්ෂයෙන් කිව්වා. එය මා ප්‍රතික්ෂේප කරනවා. මහින්ද රාජපක්ෂ යුගයේදි නිදහස් අධ්‍යාපනය කප්පාදු කර නැහැ. මෙය අලුත් ක්‍රමයක් නෙවෙයි. ලෝකයේ දියුණු රටවල් හමුදා වෛද්‍යවරුන්, හමුදා ඉංජිනේරුවන්, හමුදා ගණකාධිකාරිවරුන් බිහි කිරීමට මෙවැනි දේ සිදු කරනවා. ඉදිරියේදී අදාළ තත්ත්වයන් පරීක්ෂා කර බලා වෛද්‍ය සභාව මෙයට අනුමැතිය ලබා දෙයි.

    මේ දරුවන් උපාධි ලබාගෙන ගෙදර යනවා කියා විපක්ෂයෙන් චෝදනාවක් කළා. ඔවුන් අනිවාර්යෙන්ම වසර 12ක් සිටිය යුතුයි. මේ රටේ තුන් ලක්ෂ හැටදහසක් දරුවන් ජාත්‍යන්තර පාසැල්වල ඉගෙන ගන්නවා. මේ දරුවනුත් අපේ දරුවන්. ඔවුන්ට පෞද්ගලික උපාධිය ලබාදීමට ආයතන බිහි කරන්න ඕන. 2011-2012 වසරවලදී අමෙරිකාවේ අධ්‍යාපනය සඳහා 2500කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් ගොස් තිබෙනවා. ඊට අමතරව දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, නෝර්වේ, බංග්ලාදේශය වගේ රටවලටත් අපේ දරුවන් ගොස් තිබෙනවා. මේ රටේ දරුවන් ලෝකෙ වටේ ගිහින් කෝටි ගණන් මුදල් වියදම් කරලා දහ දුක් විඳිනවා. ඒ නිසා කොතලාවල ඇකඩමිය වගේ ආයතන බිහි කර ඔවුන්ට උපාධිය ලබාදිය යුතුයි. මේ ඇකඩමියේ ඉගන ගන්නා සියලුදෙනා රැකියාවක් සමඟ දෙමාපියන්ට බරක් නො වී අධ්‍යාපනය ලබනවා යැයි පැවසීය.

    විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවති අතර වැඩි ඡන්ද 15කින් වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත විය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya