අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අලුත් අවුරුදු ගනුදෙනු චාරිත්‍රවලට එක් වෙයි

    අප්‍රේල් 15, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (15) පෙරවරුවේ තංගල්ල මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකු වෙත ගොස් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් ගනුදෙනු කටයුතුවල නිරත විය.


    පළමුව තංගල්ල මහජන බැංකුව වෙත ගිය ජනාධිපතිතුමා එහි මුල්ම තැන්පතුව කළ අතර අලුත් අවුරුද්දේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය මුදල් ප්‍රදානය කිරීමට ද එක්විය.


    දෙවනුව තංගල්ල ලංකා බැංකුව වෙත ගිය ජනාධිපතිතුමා එහි මුල්ම තැන්පතුව කළ අතර රන් කැකුළු ගිණුම් සඳහා තිළිණ ප්‍රදානය කිරීමට ද එක්විය.


    අනතුරුව තංගල්ල ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත ගිය ජනාධිපතිතුමා එහි මුල්ම තැන්පතුව සිදු කරමින් හපන් ගිණුම් සඳහා තිළිණ ප්‍රදානය කළේය.

     
    බැංකු අසල මෙන් ම මඟ දෙපස ද තම ළෙංගතු නායකයාට අලුත් අවුරුදු සුභපැතුම් පළ කරන්නට අති විශාල ජනතාවක් එක්ව සිටි අතර එම ජනතාව මහත් සතුටින් පිළිගත් ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.


    අමාත්‍ය මර්වින් සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහත්වරුන් ද ගනුදෙනුකාර භවතුන් ඇතුළු බැංකු කාර්යමණ්‌ඩලය ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

     
    HC/pmu

    tangalle bank new year 1

    tangalle bank new year 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya