අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    3%ක පැවැති පරිගණක සාක්ෂරතාව 50%ක් බවට පත්වෙලා

    සැප්තැම්බර් 15, 2014
    රටපුරා ජාති භේදයකින් තොර ව සිංහල, දෙමළ හා මුස්ලිම් වශයෙන් වු සෑම 
    ජාතියකට ම අයත් පාසල්වල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර විවෘත කරන බවත් 
    2005 වසරේ 3%ක් ව පැවැති පරිගණක සාක්ෂරතාව මේ වන විට 50%ක් දක්වා 
    වර්ධනය වී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (15) නැදුන්ගමුව විහාරයේ පැවැති 
    උත්සවයකට සහභාගි වෙමිනි.
     
    ගමේ පන්සලේ දියුණුව හරහා ගම සංවර්ධනය වන බවත් ගම දියුණු කිරීම සැමගේ 
    වකීමක් බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා ආගමික සංහිඳියාව ආගම පිළිබඳ ව 
    හැඟීමක් ඇති කරගත යුතු බවත්  බෞද්ධයන් වශයෙන් එකතු වෙනවා වගේ ම සෙසු 
    ආගම්වලටත් ගරු කළ යුතු යැයි ද පෙන්වා දුන්නේය.
     
    දරුවන්ට තොරතුරු තාක්ෂණය උගන්නවන්න කටයුතු කරනවා. ඒ හරහා ඉදිරියට යා යුතුයි. කොයිතරම් ඉගෙන ගත්තත්, පොහොසත් වුවත්, ආගමික පරිසරය තුළ ජීවත් නොවන්නේ නම් වැඩක් නො වේ. 
     
    යම් යම් ප්‍රදේශවල ජලයේ පවතින අපවිත්‍රතාව හේතුවෙන් වකුගඩු රෝගය පැතිර 
    යනවා. ඒ නිසා රට පුරා නළ ජලය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් 
    පවතිනවා. මාර්ග සංවර්ධනය කරන බව පැවසූ අවස්ථාවේ සමහරු හිනා වුණා. දැන් 
    මේකටත් හිනා වේවි. දන්න අය දන්නවා මේක කරන්න යනවා කියලා. මොකද අපි 
    බැරි දෙයක් කියන්නෙත් නෑ. කියන දෙයක් නොකර ඉන්නෙත් නෑ. ඒ නිසා ඒකත් 
    කරනවා. ලබන වසරේ සිට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට බලාපොරොත්තු 
    වන්නේ ඒ සඳහායි. 
     
    වාරිමාර්ග මෙන් ම කෘෂිකර්මය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කොට තිබෙන බවත් මෙහිදී ජනාධිපතිතුමා පැවසීය. 
     
    අපි එදා හිටපු විදිහට නෙවෙයි අද ඉන්නේ. අපේ ජීවන තත්ත්වය වෙනස් වෙලා. අද එදාට වඩා හොඳ තත්ත්වයකට ඇවිත් තිබෙනවා. රට දියුණු වෙනවා. පසුගිය වසර 05ක කාලයට එම දියුණුව පැමිණ තිබෙනවා. අපි කළුවරේ හිටපු යුගයක් තිබුණා. එහෙම දුක් විඳලා යම් කිසි තත්ත්වයකට ඇවිත් තිබෙන්නේ. අපි දරුවන්ට ඉගැන්විය යුතුයි. යාන්තමින් නො ව දැනුම වැඩි කළ යුතුයි. තාක්ෂණ විෂය ධාරාව හරහා ලෝකය ම පිළිගත් සහතිකයක් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. 
     
    රටක් දියුණු කළ හැක්කේ සියලු දෙනා එක්වීමෙන් බවත් එහිදී මහා සංඝරත්නයට විශාල කාර්යය භාරයක් පැවරී තිබෙන බවත් පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම කාර්යය භාරය සමාජයේ යහපතට හැරවිය යුතු බවත් එසේ නොවුන හොත් කිසිදු දෙයකින් ඵලක් නොවන බවත් පැවසීය.
     
    සදාචාරාත්මක දරු පරපුරක් බිහි කිරීමට නම් එකිනෙකාට ගරු කරන සමාජයක් බිහි කළ යුතු යැයි ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya