මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට ජලය සහ සහන සැපයීමට ජනපතිගෙන් උපදෙස්

    සැප්තැම්බර් 02, 2014
    නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ජල ලබාදීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කඩිනම් කෙරේ.
     
    නියඟයෙන් පීඩාවට පත් මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට ජලය සැපයීමේ කටයුතු ඊයේ (01) දවස පුරා ක්‍රියාත්මක කෙරුණු අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම කටයුතු පෞද්ගලිකව ම සොයා බැලීය.
     
    නියඟයෙන් තවදුරටත් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය මූල්‍යමය හා ද්‍රව්‍යමය සහන තවදුරටත් සලසන ලෙස ද ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
     
    එම ජනතාවට අවශ්‍ය වියළි සලාක මෙන් ම මූල්‍යමය සහයෝගයන් සොයා බලා නිසි පරිදි ලබාදෙන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාට මෙන් ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ජනාධිපතිතුමා පසුගිය දා උපදෙස් දුන්නේය.
     
    නියඟය පවතින යාල සහ අනෙක් සත්ත්ව උද්‍යානවල ජීවත්වන වන සතුන් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ද වනජීවි අමාත්‍යංශයට උපදෙස් දී ඇත.
     
    DB
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya