අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම් දේශපාලන මැදිහත්වීම් ලෙස නොසලකන්න

    අප්‍රේල් 07, 2014

    ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුනට දන්වයි


    අමාත්‍යවරුන් ප‍්‍රමුඛ මහජන නියෝජිතයන්, රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් වෙත යොමු කරන ජනතා ඉල්ලීම් දේශපාලන මැදිහත්වීම් ලෙස නොසලකන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දෙයි. එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ප‍්‍රමුඛතා පදනමෙන් ක‍්‍රියා කරන ලෙස ද එතුමා ලේකම්වරුනට කියා සිටී.


    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ජනාධිපතිතුමා දී ඇති උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රධානීන් වෙත යොමු කරන ජනතාවගේ ඉල්ලීම් අනිසි දේශපාලන මැදිහත්වීම් ලෙස සැලකීමට නිලධාරීන් පුරුදු වී සිටිතියි ජනාධිපතිතුමා වෙත වාර්තා වී ඇතැයි වීරතුංග මහතා සිය ලිපියේ සඳහන් කරයි. මේ ආකල්පය නිසා එබඳු ඉල්ලීම්වලට නිසි ප‍්‍රතිචාරය නොලැබෙන බව ද එතුමාට දැන ගැනීමට ලැබී තිබේ.

     

    ජනතාවගේ ඉල්ලීම් ආයතන ප‍්‍රධානීන් වෙත යොමු කිරීමට මහජන නියෝජිතයනට අයිතියක්, යුතුකමක් සහ වගකීමක් ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වීමට බැඳී සිටිති. එබැවින් එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ප‍්‍රමුඛත්වය දී ක‍්‍රියා කළ යුතුය. ඉල්ලීම රැකියා සම්බන්ධයෙන් නම් ඒ පිළිබඳ යථා තත්ත්වය මහජන නියෝජිතයන්ට පැහැදිලි කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා සිය ලිපියේ තවදුරටත් සඳහන් කරයි. රැකියාවට බඳවා ගනුයේ තරග විභාගයකින් නම් විභාගය සමත් වීම අනිවාර්යය බව ද පෙන්වා දිය යුතුය.


    HC/IMU_PM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya