අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව තාක්ෂණ විශ්වවිද්‍යාලය ඉදිවෙමින් පවතිනවා

    අගෝස්තු 22, 2014
    අද මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව රුපියල් බිලියන 17.3ක වියදමින් තාක්ෂණ විශ්වවිද්‍යාලය ඉදිවෙමින් පවතින බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මේ සියලු කටයුතු සිදු වන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මෙරටුව විශ්වවිද්‍යායේ අධ්‍යාපනය හදාරන ප්‍රායෝගික පුහුණුව සඳහා පිටපළාත්වලට ගොස් සිටින සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර ලබා ගැනීමට විශ්වවිද්‍යාල පරිශ්‍රයටම පැමිණීමට සිදු වන බව පැවසූ මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට පිළිතුරු සැපයූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ අදාළ සිසුවාගේ පුහුණුව භාරව සිටින ආචාර්යවරයා විසින් සහතික කළ විට එකී සිසුවාට බැංකු ගිණුමක් ඇත්නම් ඒ වෙත මුදල් එවීමට කටයුතු කරන බවයි. 

    රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු මහාචාර්යවරුන්ගේ හිඟයක් පවතී. රජරට හා යාපනය විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ වෛද්‍ය මහාචාර්යවරුන්ගේ හිඟයක් පවතින බවත් බුද්ධිගලනයට විසඳුමක් ලෙස වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් බිහිකරන්න කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya