අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප්තල සියල්ලන්ටම වඩා ඉහළ මට්ටමක

    අගෝස්තු 22, 2014

    මෙරට රාජ්‍ය සේවයේ අනෙකුත් රැකියාවන්ගේ වැටුප් තලවලට වඩා විශ්වවිද්‍යාලයේ වැටුප් තල ඉහළ මට්ටමක පවතින බවත් පසුගිය මාසයේත් 20%කින් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළ බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    රාජ්‍ය සේවයේ ලිපිකරු, කම්කරු, සාමාන්‍ය සේවක හා සහකාර ලේකම්වරුන්ගේ වැටුපට වඩා විශ්වවිද්‍යාලයේ ලිපිකරු, කම්කරු, සාමාන්‍ය සේවක හා සහකාර ලේකම්වරුන්ගේ වැටුප් මට්ටම ඉහළ තත්ත්වයක පවතී.  


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    විශ්වවිද්‍යාලයේ වැටුප් තලවල ඇතිවී තිබෙන ගැටලුව පිළිබඳ වෘත්තීය ඒකාබද්ධ බල මණ්ඩලය සමඟ සාකච්ඡා කළා. වැටුප් හා කොමිසම් සභා නිර්දේශවල පරස්පරතා තිබෙනවා. මේ විෂමතා අඩු කරන්න කොමිසම හරහා කටයුතු කරනවා යැයි ද ඔහු සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya