මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපනය සඳහා වසරින් වසර මුදල් වැඩි කර තිබෙනවා

    අගෝස්තු 22, 2014
    මේ රටේ පසුගිය අවුරුදු 20 ගත්විට අවුරුදු 02ක් හැරෙන්න, එනම් 2002 හා 2003දී මුදල් කප්පාදුවක් සිදු වීම හැරෙන්න හැම වසරකම උසස් අධ්‍යාපනය සඳහා වසරින් වසර මුදල් ප්‍රමාණය වැඩි කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ වන විට අධ්‍යයන කටයුතුවල නිරත අභ්‍යන්තර උපාධි අපේක්ෂක සංඛ්‍යාව 11084කි. බාහිර උපාධි ශිෂ්‍ය සංඛ්‍යාව එක්ලක්ෂ විසිපන්දහස් දෙසිය එකක් වේ. මේ වන විට මෙහි යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් ප්‍රථම වතාවට වෛද්‍ය පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිවෙමින් පවතී. පරිපාලන විද්‍යා පීඨය පසුගියදා විවෘත කෙරිණි. විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය, දේශන ශාලා හැදෙමින් පවතී. පුස්තකාලය නවීකරණය කර ඇති අතර භාෂාගාර ඉදිවෙමින් පවතී. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර දියුණු වන හා වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින විශ්වවිද්‍යාලය ජයවර්ධනපුර බව ද ඔහු පෙන්වා දුන්නේය. 


    අද වන විට විශ්වවිද්‍යාල සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණයෙන් 75%ක් සම්පූර්ණයෙන්ම වියදම් කිරීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් මේ මුදල් යොදවා මහල් 4කින් සමන්විත සිසුන් 400කට සිටිය හැකි නේවාසිකාගාර 64ක් ඉදිකරමින් සිටින බවද ඔහු පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya