මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ඒමට සැලසුම් සහගත වැඩපිළිවෙළක්

    අගෝස්තු 22, 2014

    වෙබෝමැට්රික් (Webomatricks) ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව 2014 ජූලි වන විට කොළඹ විශ්වවිද්‍යාලය 2146ත් පේරාදෙණිය, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර හා යාපනය විශ්වවිද්‍යාල පිළිවෙළින් 2479, 2497, 3091 හා 7225 මට්ටම්වල සිටින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    වෙබෝමැට්රික් (Webomatricks) ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව මීට පෙර වර්ෂවල එනම් 2011 ජූලිවල 2,240, 2012 ජූලි 1,685 හා 2013 ජූලි 2,255 මට්ටමක කොළඹ විශ්වවිද්‍යාලය පැවතිණි. 2013 ජූලිවලදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය 2,973 සිටි අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 201 ජූලි 5,330ද 2011 ජූලි 6,382ද 2012 ජූලි 2,758 හා 2013 ජූලි 5,969 මට්ටමක පැවැතිණි. එසේම යාපනය විශ්වවිද්‍යාලය 2010 ජූලිවලදී 9,309ද 2011 ජූලි 9,406ද, 2012 ජූලි 5,662 හා 2013 ජූලි 8,163 මට්ටමක පැවති බව ද මේ වන විට එය අඩු ම්ටටමකට පැමිණි ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ තත්ත්වය වෙනස් කරමින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා එජාපය ලංකාවේ පළමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටවූ බවත් එය පසුව රජයට පවරා ගත් බවත් පැවසීය.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා සහය දිය යුතුයි. දැනට ලංකාවේ විදේශ විශ්වවිද්‍යාල ශාඛා 51ක් ක්‍රියාත්මකයි. වෛද්‍ය පීඨ, ඉංජිනේරු පීඨ, තාක්ෂණ විශ්වවිද්‍යාල අලුතින් ඉදිකරමින් පවතින අතර ආයුර්වේද විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට කටයුතු කරනු ඇත. විදේශ විශ්වවිද්‍යාල ශාඛා මෙරට ඇති කරමින් පිටරට යන්න නොදී මෙරට දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙමින් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya