අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැණසල ව්‍යාපෘතියට හිමි වූ අන්තර්ජාතික සම්මානය ජනපතිට භාරදෙයි

    අගෝස්තු 21, 2014
    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අද්විතීය ස්ථානයක් හිමි කර ගෙන තිබෙන ශ්‍රී ලංකාවේ නැණසල ව්‍යාපෘතිය 2014 වසරේ ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ වැඩසටහන ලෙස පසුගියදා ප්‍රංශයේ ලියෝන් නුවර පැවති ජාත්‍යන්තර පුස්තකාල විද්වතුන්ගේ සමුළුවේදී පිදුම් ලැබුවේය.


    විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් එම සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

     

    ග්‍රාමීය ජනතාව හා වරප්‍රසාද අඩු පිරිස් නගාසිටුවීම නැණසල ව්‍යාපෘතිය මඟින් සිදු කෙරෙන මෙහෙයට අන්තර්ජාතික ප්‍රසාදය පළ කරමින් වොෂින්ටන්හි බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම විසින් මේ සම්මානය ශ්‍රී ලංකාවට පිරිනමන ලදී.

    ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 199ක් අතුරින් නැණසල ව්‍යාපෘතිය පළමු ස්ථානය දිනාගෙන මේ වසරේ මේ සම්මානයට හිමිකම් කීය. අන්තර්ජාතික බිල් ගේට්ස් සම්මානයත් සමඟ රුපියල් ලක්ෂ 2900ක ත්‍යාගයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ නැණසල ව්‍යාපෘතිය මධ්‍යස්ථාන 800ක් පිහිටුවමින් අද වන විට දිවයින පුරා ක්‍රියාත්මක වේ. එය දහසක් දක්වා ව්‍යාප්ත කිරීම රජයේ අරමුණයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ ලබාදෙන මධ්‍යස්ථාන දිවයින පුරා ඇති කර ඒ මඟින් ඈත ගම්මානවල වෙසෙන ජනතාව ඇතුලු ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට තොරතුරු තාක්ෂණ ඉඩප්‍රස්ථා සමානව ලබාදීම නැණසල ව්‍යාපෘතියේ ද අරමුණයි.

    ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 5% සිට 40% දක්වා වර්ධනය කිරීමට නැණසල ව්‍යාපෘතිය සක්‍රීයව දායක වී ඇති බවත් තොරතුරු තාක්ෂණ අධ්‍යයනයේ හොඳම ප්‍රවේශ මාර්ගය නැණසල බවත් බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම පෙන්වා දෙයි.

    මේ අවස්ථාවට විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ද එක්ව සිටියේය.

    NDH/pmu_pix by Nalin Hewapathirana

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya