මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියට්නාම් මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජ්‍ය කතානායක හමුවේ

    අගෝස්තු 21, 2014
    ශ්‍රී ලංකාව සමඟ ඇති වෙළෙඳ හා වාණිජ අංශයේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට වියට්නාමයේ කැමැත්ත පළ කළ බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.


    වියට්නාම් පාර්ලිමේන්තුවේ අධිකරණ කටයුතු පිළිබඳ ස්ථාවර කමිටු සභාපති නගුයෙන් වැන් හින් (Hon.Nguyen Van Hien) මහතා ඇතුළු වියට්නාම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අතර විශේෂ හමුවක් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඒ අවස්ථාවේදී මේ බව නියෝජ්‍ය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    මෙහිදී අදහස් දැක්වූ වැන් හින් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවත් වියට්නාමයත් අතර ඇති වෙළෙඳ හා වාණිජ අංශයේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට වියට්නාම රජය බලාපොරොත්තු වන බවයි. එමෙන් ම ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පාර්ලිමේන්තු ක්‍රමවේදයන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳව ද වියට්නාමය ඉතා කැමැත්තෙන් පසු වන බව ඔහු පැවසීය.

     

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වියට්නාමයේ සංචාරයක නිරත වීම පිළිබඳව වියට්නාමය ඉතා ඉතා සතුටට පත්වූ බවත් ඒ තුළින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ බවත් වැන් හින් මහතා පැවසීය.

     

    මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසා සිටියේ යුද්ධය පැවති සමයේ දී වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය පිළිබඳව ස්තුතිය පළ කරන බවයි. යුද්ධයෙන් අනතුරු ව සංවර්ධනය කරා ගමන් කරන ශ්‍රී ලංකාවට මේ වසර වන විට ඉතිහාසයේ වැඩි ම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ළඟා කර ගැනීමට සමත් වී ඇතැයි ද කීය.

     

    බහුතර බෞද්ධ ජනතාවක් වාසය කරන රටවල් දෙකක් වන බැවින් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ආගමික ක්ෂේත්‍රයේදී ඉතා ශක්තිමත් බැඳීමක් අතීතයේ සිට ගොඩනැගී ඇති බව ද වියට්නාමයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වියට්නාම් රජය විසින් ලබා දෙන සහයෝගය හා පහසුකම් ඉතා අගය කොට සලකන බව ද චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya