අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013 සා/පෙළ විශිෂ්ටයන්ට ජනපතිගෙන් සුබ පැතුම්

    අප්‍රේල් 04, 2014

    2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් ඊයේ (03) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූහ. එහිදී ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශිංසන ද පිරිනැමීය.


    මෙහිදී දිවයිනේ ම ප්‍රථම ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා සුදුසුකම් ලැබූ දරු දැරියන් 09 දෙනෙකු ජනාධිපතිතුමා හමුවූහ.


    මහජන බැංකුවේ අනුග්‍රහයෙන් ඔවුන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ මුදල් ත්‍යාග පිරිනැමීමද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ශබ්දකෝෂ සහ පරිගණකද ඔවුන් වෙත ප්‍රදානය කෙරිණි.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ මහජන බැංකුවේ සභාපති ගාමිණී සේදර සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    DB/pix by Sudath Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya