මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිල ඇඳුම් හා පාවහන් ලබාදීමේ ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 28, 2014
    දුෂ්කර හා අති දුෂ්කර පාසල් සිසු දරුවන් සඳහා පාවහන් සහ අතිරේක නිල ඇඳුම් කට්ටලයක් ලබාදීමේ ජාතික මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 
     
    දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි හා සිංහල, දමිළ, මුස්ලිම්, කතෝලික, හින්දු ආදී සියලු ප්‍රජාවන් නියෝජනය කරමින් සිසු සිසුවියන් 50 දෙනෙකුට සංකේතාත්මකව පාවහන් හා නිල ඇඳුම් කට්ටල බෙදාදීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
    අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, මධ්‍යම පළත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, බස්නාහිර පළාත් ප්‍රධාන ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන සේවා අමාත්‍යංශයේ ලේකම් කාන්ති පෙරේරා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE SCHOOL UNIFORM SHOES
     
     
    HE SCHOOL UNIFORM SHOES 1
     
    HE SCHOOL UNIFORM SHOES 2
     
    HE SCHOOL UNIFORM SHOES 3
     
    HE SCHOOL UNIFORM SHOES 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya