අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තලාව ඥානෝදය පිරිවෙනට පරිගණක උපකරණ

    ජූලි 28, 2014
    අනුරාධපුර තලාව ශ්‍රී ඥානෝදය පිරිවෙනෙහි භික්ෂූන්වහන්සේලාගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පරිගණක උපකරණ ප්‍රදානය කිරීම පසුගිය දා අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.
     
    අඩු පහසුකම් සහිත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඊට දායකත්වය ලබාදෙයි.
     
    2013 වසරේ දී තලාව ශ්‍රී ඥානෝදය පිරිවෙනේ භික්ෂු නේවාසිකාගාරය විවෘත කිරීමට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පිරිවෙනේ භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම සඳහා අවශ්‍ය පරිගණක උපකරණ ලබාදෙන ලෙස එහි විහාරාධිපති පූජ්‍ය මැණික්හින්නේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළහ.
     
    අදාළ පරිගණක උපකරණ ජනාධිපතිතුමා අතින් පූජ්‍ය මැණික්හින්නේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ වෙත භාරදුන්නේය.
     
    උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහත්වරු ද මෙම අවස්ථාවට එක් වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya