අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බැඩ්මින්ටන් ශූරී චන්ද්‍රිකාට ජනපතිගෙන් මුදල් ත්‍යාග

    ජූලි 28, 2014
    රටට සේවයක් කළ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික බැඩ්මින්ටන් ශූරී චන්ද්‍රිකා ද සිල්වා මෙනවිය වෙත මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම පසුගියදා අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.
     
    චන්ද්‍රිකා ද සිල්වා මෙනවිය මුහුණ පා ඇති අසීරු තත්ත්වය පිළිබඳ ව මාධ්‍ය මගින් පළවු වාර්තා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වු ඇය පසුගිය දිනක අනුරාධපුර ජනාධිපති මන්දිරයට කැඳවා අවශ්‍යතා විමසීය.
     
    ඒ අනුව නිවසක් ඉදිකර ගැනීමට සහයවන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර ජනාධිපතිතුමාගේ දැනුම්දීම පරිදි ඊට මූල්‍ය අනුග්‍රහය ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉදිරිපත් විය.
     
    නිවසක් සාදා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ඇය වෙත පරිත්‍යාග කෙරුණු අතර ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් ඇය වෙත පිරිනැමිණි.
     
    වසර 11ක්ම ශ්‍රී ලංකාවේ ජාතික බැඩ්මින්ටන් ශූරිය වුයේ චන්ද්‍රිකා ද සිල්වා මෙනවියයි. මෙරට ජ්‍යේෂ්ඨ බැඩ්මින්ටන් තරග ඉතිහාසයේ ඉහළ ම ජයග්‍රහණය වාර්තා කරමින් 2011 වසරේ කැනඩාවේ රිච්මන්ඩ් හි පැවති ලෝක ශූරතා ජ්‍යේෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ දී වයස අවුරුදු 35න් ඉහළ කාණ්ඩයේ රන් පදක්කම දිනාගත්තේ ද චන්ද්‍රිකා සිල්වා මෙනවිය විසිනි. ඒ රටවල් 61 අබිබවාලමිනි.
     
    සාර්ක් තරගාවලියන්හිදි බැඩ්මින්ටන් තරගවලින් වැඩිම පදක්කම ලබාගත් ක්‍රීඩිකාව වන චන්ද්‍රිකා ද සිල්වා 2005 වසරේ නේපාලයේ පැවැති ආසියාතික බැඩ්මින්ටන් තරගාවලියේ දී ඉසව් තුනෙන් ම රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වුවාය.
     
    චන්ද්‍රිකා ද සිල්වා මෙනවියගේ දස්කම් ඇගයු ජනාධිපතිතුමා ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශිංසන පළ කළේය.
     
    උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya