මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අතින් ක්ෂේත්‍ර නිලධාරීන් ලක්ෂයකට යතුරු පැදි

    ජූලි 23, 2014
    මහින්ද රාජපක්ෂ මහතා මේ මාසේ 25 වෙනිදා ක්ෂේත්‍ර නිලධාරීන් ලක්ෂයකට යතුරු පැදි ලබාදීමට පියවර ගන්නා බවත් එජාපය කප්පාදු කළ රාජය සේවය අද වන විට ලක්ෂ 13 ඉක්මවා තිබෙන අතර හැම වසරක ම වැටුප් හා දීමනා වැඩි කර රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න මේ රජය කටයුතු කර තිබෙන බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.


    1980 ජූලි මහා වැඩවර්ජනයේදී එක්සත් ජාතික පක්ෂ රජය එය මර්දනය කළ ආකාරය, වර්ජකයන්ට සිදු වූ පීඩාව වෙනුවෙන් පළමුව තමා කනගාටු වන බවත් ධාර්මිෂ්ඨ පාලනයක් ඇති කිරීමට පැමිණි එජාපය ජූලි මාසය තුළ කළු පැල්ලම් දෙකක් ඉතිහාසයට එක් කළ බවත් ඔහු සඳහන් කළේය.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමිනි.


    මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය. ජූලි මාසය බිය වද්දන මාසයක් බවට පත් වුණා. වසර 30ක් පුරා වැඩුණු මේ රටේ බෙදුම්වාදයේ ආරම්භය 1983 කළු ජූලිය බව මාගේ විශ්වාසයයි. එජාපය විවෘත ආර්ථිකය ආරම්භ කළේ රාජ්‍ය සේවකයන් ලක්ෂයකට අධික පිරිසක් එළියට දමමින්. 1977 විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵලත් සමඟ ජනතාව පීඩාවට පත් ව ජීවන බර දරාගන්න නොහැකි වුණා. රුපියල බාල්දු වුණා. රාජ්‍ය සේවකයන් මෙන්ම සමස්ත ජනතාවට ජීවන වියදම දරාගන්න බැරි වුණා. එදා වෘත්තීය සමිතිවලට පහරදුන් අය අද යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය ගැන කතා කරනවා. එම පක්ෂය ආණ්ඩු කරන කොට එක සාකච්ඡාවක්වත් පවත්වන්න ඉඩ දුන්නේ නැතැයි ඔහු පැවසීය.

     

    සාමකාමි වැඩවර්ජනයට පහර දී දරුවන් හත්දෙනකුගේ පියකු වන සෝමපාල සහෝදරයා ඝාතනය කළා. මේ අවමඟුලට ගිය දුම්රිය සේවකයන් ‍12කුගේ වැඩ තහනම් කිරීමට එවකට පැවැති රජය කටයුතු කළා. එක දිනකට රුපියල් 10ක් එනම් මසකට රුපියල් 300ක වැටුප් වැඩිවීමක් ඉල්ලා මේ වැඩවර්ජනය කළේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් කළා.  1994දි පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වෙලා තමයි ජූලි වර්ජකයන් නැවත සේවයට බඳවා ගත්තේ. එදා කම්කරු ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. රැකියා ලබාදීමට නොහැකි වූ අවුරුදු 60 ඉක්ම වූ අයට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට එතුමා කටයුතු කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

     

    එදා රාජ්‍ය සේවයට දුන්න තැනට වඩා ඉහළ තැනක අද තිබෙනවා. රාජ්‍ය සේවකයාට ගැටලුවක් ඇත්නම් රටේ ප්‍රධානියා ලෙස ජනාධිපතිතුමාට කථා කරන්න අවස්ථාව තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya