අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට වින කරන කිසිදු ක්‍රියාවකට රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩදෙන්නේ නැහැ

    ජූලි 23, 2014
    අධ්‍යාපනය ලබාදෙන මුවාවෙන් රටට වින කරන කිසිදු ක්‍රියාවකට රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩනොදන බවත් ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටින බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    යම් සංවිධානයක් තම විෂය පථයට පරිබාහිරව හෝ පවත්නා නීතියට පටහැනිව ක්‍රියාකරන බවට තොරතුරු අනාවරණය වුවහොත් ලංකාවේ වලංගු නීතිප්‍රකාරව කටයුතු කරන බවද එතුමා අවධාරණය කළේය.
     

    යම් රාජ්‍ය නොවන සංවිධානයක් තම ප්‍රකාශිත විෂය පථයෙන් බැහැරව නීති උල්ලංඝනය කරමින්  ජාතික ආරක්ෂාවට බලපෑමක් හෝ තර්ජනයක් වන ආකාරයට කටයුතු කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් ලෙස රජය සලකනු ඇත.

     

    මෙම සංවිධාන පවත්වාගෙන යාම සඳහා පනවා ඇති 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත හා 1998 අංක 08 දරන සශෝධන පනත් කෙටුම්පත මඟින්ද ඒ යටතේ ඇති ප්‍රකාශිත රෙගුලාසි චක්‍රලේඛ උපදෙස් මාලා මෙම සංවිධානවලට බලපාන නීති ලෙස හඳුන්වන බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

     

    රාජය බුද්ධි සේවාව මේ පිළිබඳව සකස් කළ වාර්තාව සැකසීමේදී අනෙකුත් බුද්ධි අංශ වාර්තාද සැලකිල්ලට ගෙන ඇත. බුද්ධි අංශ සිය නිගමන සඳහා යොදා ගත් මිනුම්දඬු ලෙස සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම ශ්‍රී ලංකාවේ පවත්නා නීතිරීති අනුව ලියාපදිංචි විය යුතුයි. ඔවුන් එහිදී තම ක්‍රියාකාරකම් ද ප්‍රකාශ කළ යුතුය. එලෙස ඔවුන් ප්‍රකාශිත ක්‍රියාකාරකම්වලින් ඔබ්බට යමින් හෝ රටේ පවත්නා නීතියට පරිබාහිරව කටයුතු කරන්නේ නම් බුද්ධි අංශ ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් මෙම සංවිධාන ලියාපදිංච් කර ඇත්ද, ප්‍රකාශිත ක්‍රියාකාරකම් කරනවාද, නීති උල්ලංඝනය කරමින් කටයුතු කරනවාද යන්න සොයා බලන බවද ජයරත්න මහතා කීය.

     

    රාජ්‍ය ආරක්ෂාවට බලපෑමක් යනු රටකට ක්‍රමෝපායික වශයෙන් ඉතා වැදගත් තොරතුරු දේශීය හෝ විදේශීය සතුරු පාර්ශවයන් හෝ ත්‍රස්තවාදීන් අතට පත්වීම හෝ නැතිවීම මඟින් රටට, රටෙහි ස්වෛරීත්වයට ඇති වන හානිය මඟින් රටෙහි පැවැත්මට බලපෑම් වීම වේ. රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමට හා ඒවා නියාමනය කිරීමට අවශ්‍ය පියවර රජය ගෙන තිබේ. රට විනාශ කරන කුමන්ත්‍රණ පිළිබඳ බුද්ධි අංශ අවධියෙන් සිටිනු ඇත. යුද්ධයක් අවසන්වී තිබෙන මොහොතක රටේ අනන්‍යතාව හා භෞමික අඛණ්ඩතාව රැකගැනීම  වෙනුවෙන් බුද්ධි අංශය නිරත්නර අවධියෙන් සිටින බවද ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya