අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලායතන 1400ක් ලියාපදිංචි කර තිබෙනවා

    ජූලි 23, 2014

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලායතන වෙනුවෙන් මූල්‍යාධාර ලබා දෙන බවත් මේ වන විට සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ කලායතන 1400ක් ලියාපදිංචි කර ඇති බවත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    ලියාපදිංචි කලායතන අතුරින් 1024ක් සක්‍රීයව පවතී. කලායතන සඳහා මූල්‍යාධාර ලබා දීමේදී විශිෂ්ට කලායතනයක් සඳහා රුපියල් 6000.00ක්, අධිශ්‍රේණියේ කලායතනයක් සඳහා රුපියල් 5000.00ක්, සාමාන්‍ය කලායතනයක් සඳහා රුපියල් 4000.00ත් 3500.00ත් අතර මුදලක් ද නව කලායතනයක් සඳහා රුපියල් 1500.00ක් ද ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය. 

     

    රජයේ ලියාපදිංචි කලායතනය අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ මගපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික නිලධාරියෙකු හා පළාත් සභාවෙන් පත්කළ සංස්කෘතික සංවර්ධන නිලධාරියෙකු කටයුතු කරනු ඇත. කලායතන සඳහා ප්‍රදානය කරන මූල්‍යාධාර ලබාදීමේදී කලායතනයේ ගුණාත්මක තත්ත්වය සලකා බැලේ. ඇතැමුන් වංචා සහගත ලෙස මුදල් ගන්න හදන නිසා කලායතනයේ ක්‍රියාකාරිත්වය, ශිෂ්‍යයන්ගේ ගුණාත්මක බව හා මාසික වාර්තා කැඳවා පරික්ෂා කිරීම් සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya