මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ පහසුවට මගී ආවරණ ඉදිකර තිබෙනවා

    ජූලි 23, 2014

    ජාතික ගමනාගමන කොමිසම් සභාවේ නිර්දේශ අනුව 2008 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථානයන්හි උතුරු මැද පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍යාංශය හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් මගී ආවරණ ඉදිකර තිබෙන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    අනුරාධපුර ඉතා දුෂ්කරයි. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ පහසුවට මේවා ඉදිකර තිබේ. ඒ ප්‍රදේශවල ජනතාව මේ මගී ආවරණ ප්‍රයෝජනයට ගනු ඇත. මේවා ඉදිකර ඇත්තේ නියමිත පරිදි ටෙන්ඩර් කැඳවීමෙන් බවත් බස් රථ ගමනාගමනයේදී එක් බසයක් ධාවනය කර අනෙක් බසය පැමිණීමට වැඩි වේලාවක් ගත වන නිසා මේ මගී ආවරණ ප්‍රයෝජනවත් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya