මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය හා ජනතාවගේ සෞඛ්‍ය රැකෙන අයුරින් පළිබෝධනාශක පාලනය කළ යුතුයි

    ජූලි 23, 2014

    පරිසරය, අප භූමිය හා ජනතාවගේ සෞඛ්‍ය රැකෙන අයුරින් පළිබෝධනාශක පාලනය කළ යුතු බවත් ඒ නිසා පළිබෝධනාශක පනතට කලානුරූපව නැවත සංශෝධන ගෙන ඒමට සිදුව ඇති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ වන නියෝගය අනුමැතිය සඳහා සභාවට ඉදිරිපත් කරමිනි.

     

    1960 සිදු වූ හරිත විප්ලවයත් සමඟ පලිබෝධනාශකවලටත් ප්‍රමුඛතාව ලැබුණි. පාරම්පරික කෘෂි ආර්ථිකයක් උරුම වූ අප අතීතයේ සිට ම පරිසරයට හිතකර ස්වභාවික ක්‍රමවේදයන් යටතේ පළිබෝධ භාවිත කරනු ලැබීය. නමුත් එය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී තිබෙන බවත් යාය ආදර්ශන ක්‍රමවේදය පුළුල් ලෙස ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    පළිබෝධනාශකයක් අලුතින් ලියාපදිංචි කිරීමේ දී ගාස්තුව ලෙස අය කළේ රුපියල් 8500කි. නව නියෝග අනුව මේ ගාස්තුව රුපියල් 100,000ක් දක්වා වැඩි කිරීමට නියමිතය. පළිබෝධනාශක ආනයනය කරන්නන්ට ඇති ගබඩා පහසුකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ද කරනු ඇත. නව නියෝග අනුව පළිබෝධනාශක ආනයනය සඳහා අවසරය අත්‍යවශ්‍යයි. එසේ ම පළිබෝධනාශකවල සක්‍රීයභාවය පිළිබඳවත් ආනයනකරුවන් අවධානය යොමු කළ යුතුයි. පළිබෝධනාශක සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කිරීමට ද අවධානය යොමු ව ඇතැයි ඔහු කීය.

     

    ඒ සඳහා මෙයට අදාළ ක්‍රියාවලියක් ඇති කළ යුතුයි. ඒ අනුව අදාළ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එම ක්‍රියාවලිය සිදු කරන බවත් ඊට අදාළ නිලධාරීන් පත්කිරීම ඉදිරි කාලයේදී සිදු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya