අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවේ ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ට හිමි සමාජ ආරක්ෂණ අරමුදල ශ්‍රමිකයා සතුයි

    ජූලි 23, 2014

    කොරියානු රැකියාවන්හි නිරතවන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ට හිමි සමාජ ආරක්ෂණ අරමුදලට අතතැබීමට කිසිදු පුද්ගලයෙකුට ඉඩ නොතබන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මෙම මුදල මුළුමනින්ම කොරියානු රැකියාවල නිරත ශ්‍රමිකයන්ට අයත් මුදලක් බවත් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය සිදුකර ඇති ප්‍රකාශය හේතුවෙන් නැති ප්‍රශ්න ඇතිවන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

     

    "කුංමින්" නමින් හැඳින්වෙන මේ අරමුදල සඳහා කොරියානු රජයෙන් 4.5% ක් ද කොරියානු රැකියාවන්හි නිරත වන ශ්‍රමිකයන්ගේ වැටුපෙන් 4.5% ක් ද වෙන් කරන අතර මෙම මුදලේ අයිතිය පවතින්නේ ශ්‍රමිකයාට බව ද ඔහු ප්‍රකාශ කළේය.

     

    අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය කොරියාවේ සේවය කරන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාවවත් නිවැරදිව නොදැන කරුණු දක්වා ඇති බවයි. කොරියාවේ සේවය කරන ශ්‍රමිකයන් තම සේවය අවසන් කිරීමෙන් පසු දින වුවද මෙම මුදල ලබාගත හැකි අතර නොදැනුවත්කම නිසා මෙම මුදල ලබා ගැනීමට නොහැකි වූ ශ්‍රමිකයන් 13,000කටද මෙම මුදල ලබා දීමට තමන් කටයුතු කළ බවයි.

     

    එමෙන්ම සයිප්‍රසයේ සේවය කරන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් වෙනුවෙන්ද මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීම සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු ව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya