අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රතුපස්වල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට ජලය ලබා ගැනීමට සහන

    ජූලි 22, 2014

    රතුපස්වල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට 2014 ජූලි 21 දින වන විට ජල සබඳතා 2595ක් ලබා දී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    රතුපස්වල විශේෂ තත්ත්වයක් සේ සලකා ජල සම්බන්ධතා ලබාදීමේ දී ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් අය කරනු ලබන පාරිභෝගික අයකිරීම්වල දී එක් අයෙකුගෙන් රුපියල් 3000කුත් සමෘද්ධිය ලබන අයගෙන් රුපියල් 2000කුත් අය කරන බව ඔහු පවසන ලදී.

     

    මේ සඳහා පාරිභෝගිකයන්ගෙන් වෙනත් මුදලක් අය කරනු නොලැබේ. දැනට අතුරු මාර්ගවලත් ජල නළ එළීම සිදු කරමින් පවතී. අදියර 03ක් යටතේ මෙය ක්‍රියාත්මකයි. රතුපස්වල ජනතාවට ලබා දිය හැකි උපරිම සහනය දෙන බවත් සියලු මාර්ගවල ජල සැපයීම සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya