මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලාශ ව්‍යාපෘතිවලදී අවතැන්වූවන්ට තිරසාර ලෙස පදිංචියට හොඳ ප්‍රදේශ

    ජූලි 22, 2014

    මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය හරස් කර නක්කල ජලාශය නමින් වාරි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සක්‍යතා අධ්‍යයනය කර ඇති අතර මහජන විරෝධය නිසා එහි වැඩ ප්‍රමාද බවත් මේ සඳහා දේශීය අයවැය මඟින් ප්‍රතිපාදන යොදා ගන්නා බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    මේ වන විට මේ ප්‍රදේශයේ ඉඩම් අක්කර 3000ක් වගා කරන අතර ජලාශය නිසා අලුතින් අක්කර 10,000ක් යල මහ කන්න දෙකේ ම වගා කළ හැකියි. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තයත් විදුලි බලය සැපයීමටත් හැකියි. පානීය ජල අවශ්‍යතා සපුරාලීමට ද අවස්ථාව ඇත. රජය අනුගමනය කරනු ලබන වන්දි ක්‍රමය අනුව ඉඩම් අහිමි වන පිරිසට මුදල් ලබා දීමට කටයුතු කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    ජලය මේ රටේ සියලු දෙනාට අයිතියි. ව්‍යාපෘතියක් සෑදීමේ දී සීමා මායිම් නොමැතිව සියලු ප්‍රදේශවලට ජලය නිකුත් කරනු ඇත. කඩිනම් මහවැලිය නිසාත් විශාල ප්‍රදේශයක ජනතාව අවතැන් වුණා. මෙවැනි වාපෘති නිසා අවතැන් වීම් නතර කළ නොහැකියි. රඹකැන් ඔය, දැදුරුඔය ජලාශ ව්‍යාපෘතිවලදී අවතැන්වූවන්ට තිරසාර ලෙස පදිංචියට හොඳ ප්‍රදේශ ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya