අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ කොටස් පෞද්ගලික අංශයට නිකුත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නෑ

    ජූලි 22, 2014
    මහජන බැංකුව සතු කොටස් පෞද්ගලික අංශයට නිකුත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මහජන බැංකුව කිසිසේත්ම මූල්‍ය දුෂ්කරතාවකට පත්ව නැත. 2013 දෙසැම්බර් 31 වන විට මහජන බැංකුව රුපියල් බිලියන 10.3ක බදු පෙර ලාභයක් වාර්තා කර තිබේ. 

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    විශාල ජාලයක් සහිත ලංකාවේ දෙවන ස්ථානය හිමිකර ගෙන ඇති බැංකුව මහජන බැංකුවයි. මේ බැංකුව සතු කොටස් පෞද්ගලික අංශයට නිකුත් කරන්න රජය කිසිදු තීරණයක් ගෙන නැහැ. අවශ්‍ය වී ඇත්තේ මෙහි මූලධනය වැඩිකිරීමයි. මේ බැංකුවට භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 7.15ක මුදලක් ඇතුළත් කර තිබෙන බවත් එහි නෛතික තත්ත්වය ක්‍රියාත්මක කරන්න ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya