මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රමවේදය ජනපති අතින් ජනතා භාවිතයට විවෘත කෙරේ

    ජූලි 22, 2014
    රජයේ සේවාවන් ලබා ගැනීමේදී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඉක්මන්, කාර්යක්ෂම, විශ්වාසදායී සහ නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ ක්‍රමවේදයක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව සපුරාලමින් රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් ස්ථාපිත කරන ලද මහජන දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රමවේදය ජනතා භාවිතයට විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.


    www.complaints.gov.lk
     වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1919 දූරකතන අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ අදාළ ආයතනවල පිහිටුවා ඇති මහජන අවධානය කවුළුවලට ඇමතීමෙන් තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට හා ඒ පිළිබඳ ප්‍රගතිය කෙටි පණිවිඩයක් මඟින් හෝ විද්‍යුත් ලිපියක් මඟින් දැන ගැනීමට මේ මඟින් පහසුකම් සලසා ඇත.

     

    රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, වැඩබලන ජනාධිපති ලේකම් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් , අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්. බන්දුසේන යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Chandana Perera

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya