අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ තිබෙනවා - ජනපති

    මාර්තු 27, 2017

    අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ වගකීම පාසල් දරුවන් හමුවේ ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ අද (27) පැවති සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේය.

    රටක ඉතිහාසය සහ ජීවිතයක ඉතිහාසය, ඒ රටේ සහ ජිවිතයේ අනාගතය කෙසේ වන්නේ ද යන්නට සාක්ෂි දරන බව සඳහන් කළ ජනාධිපතිතුමා මුදල් මත සියලු දේ තීරණය වන වත්මන් සමාජයේ විභාග සේම ජීවිතය සමත්වීමේ අභියෝගය අප විසින් තේරුම්ගත යුතු බව ද වැඩි දුරටත් කියා සිටියේය.

    ලංකාවේ පාසැල් දරුවන් විභාග සමත්වීමේදී ඉදිරියෙන් සිටියත්, ඔවුන්ගේ විනය පිළිබඳ සතුටුවිය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා දරුවන්ගේ විනය පිළිබඳ වැඩිහිටියන්ගේ අවධානය යොමුකිරීමේ වැදගත්කම රටට කියා දෙන පසුගිය දින කිහිපයේ වූ සිදුවීම් රැසක් උදාහරණ වශයෙන් ගෙනහැර දැක්වීය.

    ෆර්ගසන් උසස් විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර පාසැලේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් වෙත ත්‍යාග ප‍්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය. විද්‍යාලය වෙනුවෙන් ඉදිකෙරුණු ගෘහස්ත ක‍්‍රීඩාගාරය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    අනතුරුව සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ප‍්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

    තිරසර පාසැල් වැඩසටහන යටතේ පළතුරු පැළ 4000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය සංකේතවත් කරමින් පළතුරු පැළයක් විදුහල්පතිනි එම්. ගලගම මහත්මියට ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර පරිසර සුරක්ෂිතතාවය වෙනුවෙන් දිවයිනේ සෑම පාසැලකම ප‍්‍රදර්ශනය කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් සකසා ඇති දැන්වීම, පාසැල් වලට ලබාදීම සංකේතවත් කරමින් ප‍්‍රථම දැන්වීම විදුහල්පතිනියට ලබාදීම ද සිදුවූයේ ජනාධිපතිතුමා අතිනි.

    එම පාසැල විසින් සකස්කළ පරිසර හිතකාමී ගමන් මල්ලක් පාසැලේ දැරියන් දෙදෙනෙකු විසින් මෙහිදී ජනාධිපතිතුමාට පිළිගැන්වූ අතර, මෙම අවස්ථාව සිහිපත් කරමින් විදුහල්පතිනි එම්. ගලගම මහත්මිය විසින් ජනාධිපතිතුමාට සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    1917 වසරේදී ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමි කෙරෙන බැප්ටිස්ට් මිෂනාරි පාසැලක් ලෙස ආරම්භ කෙරුණු මෙම පාසැලෙන් ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම මහේස්ත‍්‍රාත්වරිය වන සුදර්මා ධර්මදාස, ප‍්‍රථම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය වන භද්‍රා කමලදාස, ප‍්‍රථම ගුවන්භට නිලධාරිනී යමුනා බටංගල, ප‍්‍රවීණ ලේඛිකා සුනේත‍්‍රා රාජකරුණානායක, අමාත්‍ය තලතා අතුකෝරාල, ලෝක විවාහක රූ රැජින රෝසි සේනානායක යන මහත්මීන් ඇතුළු සමාජයේ ඉහළ නිල හොඹවන කාන්තාවන් රැසක් අධ්‍යාපනය ලබා ඇත.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන් ද නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් සහ සබරගමුව පළාත් මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya