මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙදින රුසියානු නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

    මාර්තු 26, 2017

    60 වසරක රුසියානු - ශී‍්‍ර ලංකා සබ`දතා තවත් සියවසක් ඉදිරියට ගෙන යාමට මිත‍්‍රත්වය සහ සුහදතාවය වර්ධනය කර ගනිමින් සහ ශී‍්‍ර ලංකා මාතෘ භූමියට අවැසි සංවර්ධන ප‍්‍රතිලාභ රැසක් අත්කර දෙමින්  සිය තෙදින රුසියානු නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (25) යළි දිවයිනට පැමිණියේය.

    වසර 43ක ට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින්ම සිදුකළ විශේෂ නිල ආරාධනයක් පරිදි මෙම සංචාරයට එක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ඉහළම ගෞරවයක් ලබාදීම වෙනුවෙන් රුසියානු රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි.
     
    රුසියානු ජනාධිපති මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරයට ගිය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගෙන් හිමිවූයේ ද උණුසුම් පිළිගැනීමකි.

    60 වසරක ශී‍්‍ර ලංකා - රුසියානු අතීත මතක සටහන් සමග ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන, කෘෂිකර්ම, සංචාරක කර්මාන්ත, බලශක්ති මෙන්ම ජාතික ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂාව යන කරුණු සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමු කරමින් පැය 02 කට අධික කාලයක් සිදූ වූ සාකච්ඡා ශී‍්‍ර ලංකාවට ඉදිරියේදී සුවිශේෂි ප‍්‍රතිලාභ රැසක් උදා කරදෙනු ඇත.
    මෙම නිල හමුවෙන් අනතුරුව තවත් සුවිශේෂි සිදුවීමක් විය. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා විසින් ඓතිහාසික තිළිණයක් සූදානම් කර තිබීමයි.

    19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙහිදී ව්ලැඩ්මිර් පුටින් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර 1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබේ. දෙරට අතර සමීප සබඳතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය ජනාධිපති වැල්ඩිමිර් පුටින් මහතා විසින් මෙහිදී ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්වෙදෙව් මහතා අතර පැවති ද්වි පාර්ශ්වික සාකච්ඡාවලදී ද ශී‍්‍ර ලංකාවට සුවිශේෂි වාසි අත්කරගත හැකි කරුණු රැසක් සාකච්ඡා කෙරිණි.

    සිය සංචාරයේ දී රුසියාවේ ප‍්‍රකට ස්මාරකයක් වන ,නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය, වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.

    ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර ද්වී පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරීම නිමිත්තෙන් හා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ රුසියානු නිල සංචාරයට ගෞරවයක් වශයෙන් විශේෂ සැමරුම් උත්සවයක් රුසියාවේ Ritz Carlton  හෝටලයේදී සංවිධානය කර තිබූ අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් විය.
    එමෙන්ම රුසියාවේ වෙසෙන විවිධ ක්ෂේත‍්‍රවල සේවය කරන වෘත්තිකයින්, අධ්‍යාපනය ලබන සිසුන්, ව්‍යාපාරික ප‍්‍රජාව ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක ශී‍්‍ර ලාංකිකයින් සමඟ ද හමුවකට එක්වූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා රජයේ වැඩපිළිවෙළ ඔවුන්ට පැහැදිළි කළේය.
    නව සැලසුම් ඔස්සේ සංවර්ධනය කරා පිය මනින ශී‍්‍ර ලංකාවේ අනාගත අපේක්ෂාවන් ඉටුකිරීමට සහය දක්වන ලෙස ද මෙහිදී ඔවුන්ට ආරාධනා කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ පවතින ව්‍යාපරික සහ ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා පැමිණෙන ලෙස රුසියානු ව්‍යාපාරිකයින්ට සහ ආයෝකයින්ට ආරාධනා කරන බව ද කියා සිටියේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රමුඛ වත්මන් රජය ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිවල ඇති විනිවිදභාවය සහ සෘජුභාවය ජාත්‍යන්තර වශයෙන් තහවුරු කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස ජනාධිපතිතුමාගේ මෙම තෙදින රුසියානු නිල සංචාරය හඳුන්වාදිය හැකි අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බටහිර ගැති ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඇතැමුන් එල්ල කරන චෝදනා ද ප‍්‍රතික්ෂේප වෙමින් සිදුවූ මෙම සංචාරයේ සුවිශේෂී ප‍්‍රතිඵල තවත් නොබෝ දිනකින් ශී‍්‍ර ලංකා මාතෘ භූමිය කරා ලැබෙනු ඇත.
    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya