අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    60 වසරක රුසියානු – ශී‍්‍ර ලංකා ද්විපාර්ශ්වික සබඳතා ඉදිරි සියවස සඳහා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම තම අරමුණ බව ජනපති පවසයි

    මාර්තු 25, 2017

    60 වසරක රුසියානු – ශී‍්‍ර ලංකා ද්වී පාර්ශ්වික සබදතාවල නව පිටුවක් පෙරළමින් ඉදිරි සියවස සඳහා එය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට දෙරට අතර මිත‍්‍රත්වය සහ සුහදතාවය වර්ධනය කර ගැනීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ,(24) රුසියාවේ මොස්කව් නුවර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේදී රුසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකයින් සමග පැවති හමුවකදී ය.

    රුසියාවේ විවිධ ක්ෂේත‍්‍රවල සේවය කරන වෘත්තිකයින්, අධ්‍යාපනය ලබන සිසුන්, ව්‍යාපාරික ප‍්‍රජාව ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක ශී‍්‍ර ලාංකිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ තම රුසියානු සංචාරය වත්මන් රජය ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිවල තිබෙන පැහැදිළිතාවය සහ ශක්තිමත් බව ජාත්‍යන්තර වශයෙන් තහවුරු කළ සුවිශේෂී අවස්ථාවක් බවයි.

    තමන් සහ තම රජය බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් බවට අද ඇතැමුන් විවිධ විවේචන එල්ල කරන අතර එම සියලු විවේචන තමා සෑම අවස්ථාවකදීම ප‍්‍රතික්ෂේප කරන බව පැවසූ ජනාධිපතිතුමා මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ලෝකයේ සෑම රාජ්‍යයක්ම අද ශී‍්‍ර ලංකාවේ මිත‍්‍ර රාජ්‍යයන් බවට පත්ව ඇති බව ද කියා සිටියේය.

    මෙම යුගය ශී‍්‍ර ලංකාවේ අන්තර්ජාතික සහයෝගීතාවය දශක ගණනාවකින් ඉදිරියට පැමිණි යුගයක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම සබඳතාවය උතුර ද, දකුණ ද, බටහිර ද කියා ගැටලුවක් නොමැති බවත් සියලු රටවල් සමග මිත‍්‍රශිලිත්වය ගොඩනඟා ගනිමින් එම සියලුදෙනාගෙන් ශී‍්‍ර ලංකාවට අවශ්‍ය සහය ලබාගනිමින් සිටින බවත් පැවසීය.

    රුසියානු ජනාධිපති වැල්ඞ්මීර් පුටින් මහතාගේ නිල ආරාධනය පරිදි සිදු කළ මෙම සංචාරයේදී රුසියානු ජනාධිපතිවරයාගෙන් හිමි වූ උණුසුම් පිළිගැනීම හා සාර්ථික ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා – රුසියානු 60 වසරක අතීත මතක සටහන් සමග ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය වූ අධ්‍යාපන, කෘෂිකර්ම, සංචාරක, කර්මාන්ත, බලශක්ති මෙන්ම ජාතික ආරක්ෂාව මෙන්ම අන්තර්ජාතික වශයෙන් කලාපීය ආරක්ෂාව යන මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පැය 02 කට අධික කාලයක් රුසියානු ජනාධිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමු කරමින් සංවාදයේ යෙදුණු බව ද ප‍්‍රකාශ කළේය.

    රුසියාව මෙතෙක් ශී‍්‍ර ලංකාවට ලබාදී ඇති සහය ද මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිතුමා වසර 43 කට පසු තම සංචාරය තුළින් ශක්තිමත් වන දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවලින් ලැබෙන ප‍්‍රතිලාභ මාතෘ භූමියේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් ඉතා විධිමත් සහ සැලසුම්ගත අයුරින් භාවිතා කරන බව ද ප‍්‍රකාශ කළේය.

    අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද රුසියාවේ ශී‍්‍ර ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    රුසියාවේ මොස්කව් නුවර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ දී රුසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග පැවති හමුවේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
    (2017-03-24)

     

    අපේ දීර්ඝ කාලීන මිත‍්‍රයෙක් වු රුසියාවේ සිට ශ‍්‍රී ලංකා රුසියා මිත‍්‍රත්වයට වසර 60 ක් සමරනු බලන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබදව මා ඉතාමත් සතුටු වෙනවා. පසුගිය වසර 60 ක කාල සීමාවක් 1957 ආරම්භ වූ ශ‍්‍රී ලංකා සෝවියට් මිත‍්‍රත්වය සෝවියට් සමුහාණ්ඩුවේ වෙනස්වීම් ඇති වුවත් රුසියන් ෆෙඩරල් ආණ්ඩුව සමග අපි පවත්වාගෙන ආ සුහදතාවය සහ සම්බන්ධතා දිගින් දිගටම ශක්තිමත්ව පැවතුණා.


    අපේ රටේ සංවර්ධනයට ගෙවීගිය වසර 60 ක කාල සීමාව තුළ විශාල සහයෝගයක් මේ රටින් අපිට ලැබී තිබෙනවා. ජාතික සංවර්ධනයේදී වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආරක්ෂක මණ්ඩලය, මානව හිමිකම් කවුන්සිලය ආදී ආයතන ඉදිරියේ අපි අසීරුතාවයන්ට පත්වූ අවස්ථාවන් වලදී රුසියාව, සෝවියට් සමුහාණ්ඩුව අපේ අවංක මිත‍්‍රයෙක් ලෙස සෑම තැනකදීම කටයුතු කර තිබෙනවා. එම මිත‍්‍රත්වය අන්තර්ජාතික වශයෙන් ගොඩනැගුණා වගේම අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ කෘෂිකර්ම, වාරිමාර්ග, අධ්‍යාපන, සංස්කෘතික කර්මාන්ත තාක්ෂණ මේ සියලූ අංශ වල සංවර්ධනය ස`දහා විශාල සහයෝගීතාවයක් අපිට රුසියාව ලබාදී තිබෙනවා. ඒ සියල්ල සිහිපත් කරමින් 60 වසරක ද්විපාර්ශ්වික සබ`දතා පිළිබ`දව ගෞරවනීය අතීතයක් පිළිබ`දව අපි ඉතා සතුටින් අද කතා කරනවා.


    60 වසරක ද්විපාර්ශික සබදතා නව පිටුවක් පෙරළමින්, නව ගමනකින් දෙරට අතරේ මිත‍්‍රත්වය සුහදශීලිතාවය වර්ධනය කරගැනීම මගේ මේ ගමනෙහි ප‍්‍රධානම අරමුණක් වනවා. රුසියන් ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මැතිතුමා කරන ලද ආරාධනාවක් මත අපි මෙහි ආවා. අපි පැමිණි අවස්ථාවේ සිට ඉතා ඉහළ උණුසුම් පිළිගැනීමක් අපට තිබුණා. එමෙන්ම ඉතාමත් සාර්ථක ද්විපාර්ශ්වීය සබදතාත් අතීතයේ මතක සටහන් සමග අනාගතය වඩාත් සාර්ථක කර ගැනීම ස`දහා දෙරටේ මිත‍්‍රශීලිභාවය ඇති කරගනිමින් සාර්ථක සාකච්ඡුා පැවැත්වූවා. අද සන්ධ්‍යාවේ දෙරට අතරේ ගිවිසුම් කිහිපයක් සදහා ද අත්සන් කරනු ලබනවා. රුසියානු ජනාධිපති පුටින් මැතිතුමාත් අග‍්‍රාමාත්‍යතුමාත් සමග කරන ලද සාකච්ඡුා තුළ අපේ රටේ සංවර්ධනයේ විවිධ ක්ෂේත‍්‍ර පිළිබද දැඩි ලෙස අවධානය යොමු කළා.


    මම ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් සහ මගේ ආදරණීය ශ‍්‍රී ලංකා ජනතාව වෙනුවෙන් රුසියන් ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මැතිතුමාටත් රුසියන් රජයට සහ ජනතාවටත් මගේ ගෞරවනීය ස්තූතිය සුභාශිංසන සහ ආශිර්වාදය පිරිනමනවා. ද්විපාර්ශවීය සබදතා වලදී රටේ සංවර්ධනයට අවශ්‍ය සියලූ අංශ සම්බන්ධයෙන් ව්ලැඞ්මීර් පුටින් ගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමු කරමින් එතුමා අප සමග සංවාදයේ යෙදුණා. අධ්‍යාපන, සංස්කෘතික, සංචාරක, බලශක්ති, ජාතික මෙන්ම අන්තර්ජාතික ආරක්ෂාව මේ සියලූ අංශයන්හි කටයුතු පිළිබ`දව වෙන වෙනම සාකච්ඡුා කරනු ලැබුවා. ඊයේ දිනයේ පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ සාකච්ඡුා පැවැත්වුවා. ඒ වගේම රුසියාවේ අග‍්‍රාමාත්‍යතුමා සමග පැවැති සාකච්ඡුාව ද සාර්ථක සාකච්ඡුාවක් බවට පත්වුණා.


    අපි රටක් ලෙස කටයුතු කිරීමේදී අපේ විදේශ ප‍්‍රතිපත්තියේ තිබෙන මැදිහත්බව සහ ශක්තිමත්බව අන්තර්ජාතික වශයෙන් පෙන්නුම් කළ අවස්ථාවක් තමයි, මේ රුසියානු නිල සංචාරය. මටත් අපේ ආණ්ඩුවටත් යම් විවේචන සහ චෝදනා තිබෙනවා අපි එක් පැත්තකට බරවූ ආණ්ඩුවක් කියා. අපි බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් කියා විවේචන තිබෙනවා. මම එම විවේචන ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අපි මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තර සහයෝගිතාවයේදී ලෝකයේ සෑම රාජ්‍යයක්ම අපේ මිත‍්‍ර රාජ්‍යයන් විදියට අද කටයුතු කරනවා. මම ඉතා සතුටින් ප‍්‍රකාශ කරනවා අද ලෝකයේ කිසිදු රාජ්‍යයක් ශ‍්‍රී ලංකා රාජ්‍ය සමග කිසිදු ආකාරයක මතභේදයක් නැහැ. අමනාපයක් නැහැ.

    මා දන්නා පරිදි දශක ගණනාවකින් අන්තර්ජාතික සහයෝගිතාවය ඉහළ ආ අවස්ථාවක් මෙය. එම අන්තර්ජාතික සහයෝගිතාවය බටහිර ද උතුර ද නැගෙනහිර ද යන්න ප‍්‍රශ්නයක් නොමැතිව සියලූ අංශ වලින් ලැබෙන නිසා ජාත්‍යන්තර සහයෝගිතාවය සංවර්ධනය වූ රටවල් වල තිබෙන මිත‍්‍රශීලිභාවය වගේම අනෙකුත් සියලූ රටවල් සමග ඇති කරගෙන තිබෙන සුහදතාවය අපේ රටේ අනාගතය ස`දහා රට ගොඩනගන්න ශක්තිමත් කරන්න ඉදිරියට යාමටයි අපි ඒ ශක්තිය සැමවිටම භාවිතා කරන්නේ. මේ ගමන තුළින් රුසියන් ශ‍්‍රී ලංකා සබ`දතා ද්විපාර්ශ්වීය සබ`දතා සාර්ථක වීම වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ විදේශ ප‍්‍රතිපත්ති පැහැදිළිව පෙන්නුම් කිරීමත් ලෝකයේ සෑම රාජ්‍යයක් සමගම අපේ තිබෙන මිත‍්‍රශීලිතාවය ද්විපාර්ශ්වීය සබ`දතා ආර්ථික සහ වෙළෙ`ද සම්බන්ධතා අන්තර්ජාතික සහයෝගිතා සියල්ල සමග අපි ඉතා සාර්ථක ගමනක් යනවා.


    පසුගිය වසර දෙකහාමාර කාලය තුළ කොපමණ චෝදනා තුබුණත් මිනිසුන්ට සමාජයේ නිදහසේ ජීවත් විය හැකි පසුබිම ගොඩනගමින් අපි රටක් විදියට සාර්ථක ව්‍යායාමයක යෙදෙන්නේ. රුසියාවේ විවිධ ක්ෂේත‍්‍ර වල විවිධ වෘත්තින් හා විවිධ ව්‍යාපාරික අංශ වල සේවය කරන ශ‍්‍රී ලාංකික සියලූ දෙනාට මම සුබ පතනවා. ආශිර්වාද කරනවා. ඔබේ දැනුම, බුද්ධිය, අවබෝධය සහ පරිණතභාවය සමග ඔබ ඉතා සාර්ථක ලෙස ශ‍්‍රී ලාංකිකයෙක් වශයෙන් රුසියාව තුළ සියලූ කටයුතු සාර්ථක ඉටු කිරීමට ලැබේවා කියා. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සිට මෙහි පැමිණ අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට මම සුබ පතනවා. ඔබ පැමිණියේ අධ්‍යාපනය සදහායි. ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම තුළින් ඔබ බලාපොරොත්තු වන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමටත් ඔබේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකියාව ලැබේවා. ඔබේ දෙමව්පියන් රුසියාව වැනි විදේශ රටකට ඔබව එවලා ඔබට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීමටයි ඔවුන් කැපවී තිබෙන්නේ.


    අපි රටක් විදියට බලාපෙරොත්තු වනවා ඔබ උගත් තරුණ පිරිසක් විදියට සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු අවසන් කරලා අපේ රටේ හෝ විදේශයක ඔබේ දැනුම මුල් කරගෙන දැනුමෙන් පරිණතවූ සන්නද්ධ වූ විශිෂ්ටයෙක් විදියට අපේ උතුම් මානව සමාජයට සේවය කරන්න ඔබට සියලූ ආකාරයෙන් ධෛර්යය වාසනාව ශක්තිය ලැබේවා. අප සමග අපේ ව්‍යාපාරික හිතවතුන් රාශියක් පැමිණියා. ඒ සියලූ දෙනා පැමිණියේ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන සම්බන්ධයෙන් ඇති කරගන්නාවූ එකගතාවයන් සහ අවශ්‍ය අවබෝධය ලබා ගෙන එම අවස්ථාවන් වඩාත් සාර්ථක කර ගැනීමටයි. උදාහරණයක් ලෙස, අපේ හොදම තේ ගැනුම්කරුවා වන්නේ රුසියාව කියා ඔබ දන්නවා. රුසියාවේ රජයට සහ පෞද්ගලික අංශ වල ආයෝජකයින්ට අපි ආරාධනා කරනාව ශ‍්‍රී ලංකාවේ ආයෝනය කිරීම ස`දහා. අප සමග පැමිණි ව්‍යාපාරික මහත්වරුන්ටත් මම සුබ පතනවා. ඔබේ මව්බිම වෙනුවෙන් ඔබ බලාපොරොත්තු වූ අරමුණ සාර්ථකව ඉටුකර ගැනීමට මේ ගමන තුළින් ඔබට ලැබේවා කියා. තානාපතිතුමා ඇතුඑ මෙහි සේවය කරන සියලූ දෙනාට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන. මෙම ගමන ඉතා ඵලදායී සාර්ථක ගමනක් කර ගැනීමට ඉතාමත් වෙහෙස මහන්සි වී කටයුතු කර තිබෙනවා.


    අපි සමහර රටවල් වලට ගියාම එහි සංවිධානට කටයුතු වල දුර්වලතාවයන් දකිනවා. නමුත් මේ ගමනේදී එවැනි අඩුපාඩුවක් දුර්වලතාවයක් නොමැතිව තානාපතිතුමා සහ කාර්ය මණ්ඩලය උසස් ලෙස එම කාර්යය ඉටුකර තිබෙනවා රට වෙනුවෙන් රජය වෙනුවෙන්. රුසියා ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයට 60 වසරක් සපිරෙන අවස්ථාවේ ඉදිරි වසර සීයයක් සදහා අවශ්‍ය සූදානම වඩාත් විධිමත්ව ඉටුකරමින් දෙරටේ මිත‍්‍රශීලිතාවය අන්තර්ජාතික සහයෝගිතාව කලාපීය සහයෝගිතාව සදහාත් මේ ගමන ශක්තිමත් ගමනක් වේවා කියා සුබ පතමින් එම සාර්ථකත්වය ලබා ගැනීමට ඔබ අප සියලූ දෙනාම කැපවෙමු කියා ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි!

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya