අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා උදාර දේශපාලඥයෙක් ලෙස රටට කළ සේවය අති විශාලයි

    මාර්තු 24, 2017

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා උදාර දේශපාලඥයෙක් ලෙස රටට කළ සේවය අති විශාලයි. දුරදිග දැකපු ඉතාමත් ම වටිනා දේශපාලඥයෙක් ලෙස එතුමා හැදින්විය හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව  අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,හිටපු අග්‍රාමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය වූ කෘතහස්ථ දේශපාලඥයෙක්. එතුමා නිහතමානී හිත හොඳ, ගැමි ගතිගුණ තිබූ නායකයෙක්. දීර්ඝ දේශපාලන දිවිය ආදර්ශයෙන් පිරුණු ජීවිතයක්.

    එතුමාගේ සරළ බව, චාම් බව එතුමාගෙන් ඈත් කරන්න බැරි වුණා. චතුර කතා විලාශයක් එතුමාට තිබුණා. අභීතව එතුමා අඳහස් ප්‍රකාශ කළා. එතුමා කියූ දෙයක් ඉල්ලා අස්කරගත්තේ නැ. අර්ථවත් දෙයක් කතා කරන්න එතුමා වගබලා ගත්තා.

    හොඳ ඉවසීමක් මෙන් ම ඇහුම්කම් දීමේ ශක්තියක් තිබුණා. නවක මන්ත්‍රීවරුන් දැක්කම, කියූ දේවල් සොයා බලනවා කියලා කියන්න නිරහන්කාරකමක් එතුමාට තිබුණා. හමු වූ හැමවෙලාවම වචනයක් හෝ කතා කළා. 

    එතුමා බොහොම දුර්ලභ ගත්ගුණ තිබූ පුද්ගලයෙක්. පාවහන් නැතිව පොළොවේ පය ගසා යන්න හැකි වී තිබෙනවා. කෙළින් කතා කරන්න එතුමාට පෞර්ෂයක් තිබුණා.  රත්නසිරි වික්‍රමනායක මැතිතුමා පෞර්ෂය තිබූ දුර්ලභ ගණයේ නායකයෙක් . තනතුරේ ගෞරවය රැක්කා, රටේ ගෞරවය රැක්කා, අග්‍රාමාත්‍ය තනතුරේ ගෞරවය එතුමා ආරක්ෂා කළා, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස කටයුතු කළා.  සමහර දේවල් උපේක්ෂාවෙන් බලා සිටිය නායකයෙක්.

    උදාර දේශපාලඥයෙක් ලෙස රටට කළ සේවය අති විශාලයි. දුරදිග දැකපු ඉතාමත් ම වටිනා දේශපාලඥයෙක් ලෙස රත්නසිරි වික්‍රමනායක මහතා හැදින්වීමට හැකි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya