මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම වෙලාවක ජනතාව සමඟ සමීපව කටයුතු කළ ආදර්ශවත් නායකයක්

    මාර්තු 24, 2017

    මුළු රටටම විශාල සේවාවක් කළ, සියලු දෙනටම සාමාන ලෙස සැළකූ, ඕනෑම වෙලාවක ජනතව සමඟ සමීපව කටයුතු කළ ආදර්ශවත් නායකයකු ලෙස අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක හදින්විය හැකි බව හිටපු කතානායක,පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා මේ බව අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, හිටපු අග්‍රාමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    එතුමාගේ දැක්ම පිළිබඳව ගරු මන්ත්‍රීවරු ගුණකතන කළා. මට එතුමා ගැන මතක්වෙන්නේ 1960 මාර්තු පැවැත්වූ මැතිවරණයෙන් තරඟ කළේ, මහජන එක්සත් පෙරමුණේ.එතුමා කඩවසම් තරුණයෙක් ලෙසයි මැවෙන්නේ. පසුව එතුමා ස්වාධීන වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා. ඉන් පසු එතුමා මුළු රටටම විශාල සේවාවක් කළා. සියලු දෙනටම සැළකුවේ සාමාන විදියටයි. ඕනෑම වෙලාවක ජනතව සමඟ සමීපව කටයුතු කළා. වර්තමානයේ දේශපාලනයේ යෙද අයට අදර්ශවක් චරිතයක්. එවැනි පුද්ගලයට නින්දා කළා. එහෙත් එතුමා සැලුන්නේ නෑ. එතුමා රටට කළ සේවය,අපට දුන් ආදර්ශය අගය කළ යුතුයි යැයි ද මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya