මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සෑමවිට සාධරණත්වය,සහයෝගීත්වය අගය කළා - විපක්ෂ නායක

    මාර්තු 24, 2017

    සෑමවිට සාධරණත්වය,සහයෝගීත්වය අභාවප්‍රාප්ත හිටපු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අගය කළ බවත් ජනතා ගෞරවය හිමිකරගැනීමට සමත් වූ බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

    විපක්ෂනායකවරයා මේ බව   අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,හිටපු අග්‍රාමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    හිටපු අග්‍රමාත්‍යවරයකු වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මෙම සභාවේ ශ්‍රේෂ්ඨයෙක් වුණා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක්. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමඟ සමීපව කටයුතු කළා. එතුමා ජනතා ගෞර්වය හිමිකරගත් අයෙක්.  රත්නසිරි වික්‍රමනායක මැතිතුමා පැහැදිලි අඳහස් දැරූ අවංක නිහතමානී පුද්ගලයෙකු වුණා.

    මෙරට නොබෙදුණු රටක් ලෙස තිබිය යුතු යැයි එතුමා නිතර ප්‍රකාශ කළා. සෑමවිට සාධරණත්වය,සහයෝගීත්වය අගය කළ අයෙක්. එතුමා පෞර්ෂයකින් හා අභිමානයකින් සභාවේ කටයුතු කළා යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya