අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා රටේ ඒකීයභාවය රැකගැනීමට කටයුතු කළා

    මාර්තු 24, 2017

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා රටේ ඒකීයභාවය රැකගැනීමට කටයුතු කළ බවත් නවක දේශපාලඥයින්ට ආදර්ශවත් නායකයෙක් ලෙස එතුමා හැදින්විය හැකි බවත් හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

     

    හිටපු ජනාධිපතිවරයා මේ බව අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, හිටපු අග්‍රාමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා කෙට්ටුවෙන් ඇසුරු කරන්නට හැකියාව ලැබුණා. ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස ජයග්‍රහණය කරන්නත් හැකි වුණා. ප්‍රදේශයේ ජනතාවගේ ආදරය දිනාගත් අවංක දේශපාලඥයෙක්. 1970 සිට එතුමා සමඟ සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. අපි එතුමාට ගරු කළා. අපට ගරු ලෙස ආමන්ත්‍රණය කළා. ඉතාම ලෙංගතුකමක්, තරුණ මන්ත්‍රීවරු දිනාගැනීමේ හැකියාවක් තිබුණා.


    වෛරය සහ ක්‍රෝධය එතුමා තුළ පැසවා තිබුණේ නෑ.  අවස්ථාවකම කාටත් කතා කරන්න පුළුවන් අවංක පුද්ගලයෙක්. අගමැතිවරයාව සිටි කාලයේ ත්‍රස්තවාදය පරාජය කිරීමට එතුමාගෙන් ලැබුණු සහාය කිය යුතුයි. රහස්‍යභාවය රැකගත් අවංක පුද්ගලයෙක්. දේශපාලන පලපුරුද්ද සහ නීතිය පිළිබඳ අවබෝධය එතුමාගේ උපදෙස්, මෙහෙයවීම අගය කළ යුතුයි.

     

    ජාතිවදී හැඟීම ඔහු තුළ තිබුණේ නැති වුවත් ජාතික හැඟීම ඔහු තුළ තිබුණා. රටේ ඒකීයභාවය පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කළා. රටේ ඒකීයභාවය රැකගන්න එතුමා කටයුතු කළා.  එතුමාගේ අවවාද පිළිගන්න සූදානම් වී සිටියා. එතුමා නිහතමානී නායකයෙක්. නවක දේශපාලඥයින්ට ආදර්ශවත් නායකයෙක් ලෙස හැදින්විය හැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya