මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චෝදනා කිරීමෙන් හා අපහාස කිරීමෙන් වැළැකෙන්න- ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන්ට අනුකූලව කටයුතු කරන්න - කතානායක කියයි

    මාර්තු 24, 2017

    සභාගර්භයේ දී සෑම මන්ත්‍රීවරයකුගේම ගෞරවය ආරක්ෂාවන පරිදි වාදවිවාද මනා සංයමයකින් සහභාගීවීමට වගබලාගත යුතු බවත් සභාගර්භයේ දී සෑම මන්ත්‍රීවරයකුගේම ගෞරවය ආරක්ෂාවන පරිදි එකිනෙකාට අයුතු ලෙස චෝදනා කරමින් හා අපහාස කිරීමෙන් වැළැකෙන ලෙස  හා වාදවිවාද මනා සංයමයකින්  සහභාගීවීමට වගබලාගත යුතු බව කතානායක කරූ ජයසූරිය මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    කතානායකවරයා සිය නිවේදනය සභාවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ,ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර තෝතැන්න වන ව්‍යවස්ථාදායකය තුළදීම මන්ත්‍රීවරුන්ගේ ගෞරවනීයභාවය කෙළසන අන්දමින් ක්‍රියාකිරීම පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් සිට පැවැතෙන සම්ප්‍රදායන්,පරිචයන් හා ස්ථාවර නියෝගවල විධිවිධානවලට අනුකූල නොවන බවය.


    කතානායකවරයගේ නිවේදනය-

    පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා පහත සඳහන් කරුණු ඔබගේ කාරුණික අවධානයට යොමු කරමි. සෑම මන්ත්‍රීවරයකුම, ස්වකීය කතාව සාකච්ඡාවට භාජනය වන අවස්ථාවක විෂයට පමණක් සීමා විය යුතු අතර කවර මන්ත්‍රීවරයකු විසින් වෙනත් මන්ත්‍රීවරයකු නමින් සඳහන් නොකළ යුතු බවටත් කවර මන්ත්‍රීවරයකු විසින් හෝ අන්‍ය මන්ත්‍රීවරුන්ට චේතනාව ආරෝපණය කරමින් කතා කිරීම නොකළ යුතු බවටත් පාර්ලිමේන්තුව සභාගර්භය තුළ කතා කිරීමේ දී ගරු මන්ත්‍රීවරු විසින් පිළිගෙන ඇති රීති මාලාවේ ස්ථාවර නියෝගවල, ඉතාමත්ම පැහැදිළිව සඳහන් කර තිබෙන බවත් මේ අවස්ථාවේ ගරු සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

     

    2017 මාර්තු 22 දින  සභාගර්භය තුළ ගරු මන්ත්‍රීවරු කීපදෙනෙකු උත්තරීතර සභාවේ ගෞරවයට කීර්තියට ඉතාමත් හානිකර අයුරින් අග්‍රාමාත්‍යතුමාට සහ වෙනත් මන්ත්‍රීවරුන්ට අසාධාරණ අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඉතාමත් අශෝබන අයුරින් දිගින් දිගටම සිදු කරන බව සහ කතාවට අදාළ හැන්සාර්ඩ් වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මා විසින් නිරීක්ෂණය කළ අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හිතාමතාම උල්ලංඝණය කර ඇති බව ඉතාමත් කණගාටුවෙන් ප්‍රකාශ කරමි.

     

    එවැනි ක්‍රියාවන් වල තිබෙන බරපතලකම මෙන් ම මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානිවීමෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව දැනටමත් එම මන්ත්‍රීවරු දැනුවත් කළ බව දන්වනු කැමැත්තෙමි.


    ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර තෝතැන්න වන ව්‍යවස්ථාදායකය තුළදීම මන්ත්‍රීවරුන්ගේ ගෞරවනීයභාවය කෙළසන අන්දමින් ක්‍රියාකිරීම පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් සිට පැවැතෙන සම්ප්‍රදායන්,පරිචයන් හා ස්ථාවර නියෝගවල විධිවිධානවලට අනුකූල නොවන බව සියලු ගරු මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.


    කිසියම් මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් විරොධතාවක් තිබේ නම් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව ක්‍රියාකිරීමට හැකි බවද සඳහන් කරනු කැමැත්තෙමි.

    ආණ්ඩුපක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ සියලු මන්ත්‍රීවරු සභාගර්භයේ දී සෑම මන්ත්‍රීවරයකුගේම ගෞරවය ආරක්ෂාවන පරිදි එකිනෙකාට අයුතු ලෙස චෝදනා කරමින් හා අපහාස කිරීමෙන් වැළැකෙන ලෙස  හා වාදවිවාද මනා සංයමයකින් සහභාගීවීමට වගබලාගත යුතු බවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකූලව මෙම උත්තරීතර සභාවේ කටයුතු කළ යුතු බව මම අවධාරණය කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya