අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති රුසියාවේ "නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට" පුෂ්පෝපහාර දක්වයි

    මාර්තු 23, 2017

    දශක හතරකට පසුව සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ පළමු රුසියානු නිල සංචාරය අරඹමින් රුසියාවේ මොස්කව් නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන "නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය" වෙත පුෂ්පෝපහාර දැක්වීය.

    මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදි කර තිබේ.

    රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමිණි.

    ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

    ජයන්ති සිරිසේන මැතිනිය ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    russian 23 1

     ( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya