අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු ජනාධිපතිගෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට උණුසුම් පිළිගැනීමක්

    මාර්තු 23, 2017

    රුසියානු - ශී‍්‍ර ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සියලු සහය ලබාදෙන බව ව්ලැඩ්මිර් පුටින් මහතා පවසයි.

    දශක හතරකට පසුව ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ සිදු විය.

    රුසියානු ජනාධිපතිවරයාගේ නිල මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    උණුසුම් පිළිගැනීමකින් අනතුරුව දර්ශනීය පෙරහැරකින් ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ක්‍රෙම්ලින් මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබීය.

    රාජ්‍ය නායක දෙපළ අතර පැවති සුහද කථා බහෙන් අනතුරුව  ද්වි පාර්ශවික සාකච්ඡා ආරම්භ කෙරිණි.
     
    ශ‍්‍රී ලංකා- රුසියානු ද්වි පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා දෙරටේ ආර්ථික, වෙළෙඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
    තම ආරාධනය පිළිගෙන රුසියාවේ නිල සංචාරයක නිරතවීම පිළිබ`දව ව්ලැඞ්මීර් පුටින් මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළේය.

    ගෝවා සමුළුවේදී කෙටි වේලාවක් තුළ ගොඩනැගුණු මිත‍්‍රත්වය මත මෙවන් නිල ආරාධනයක් සිදු කිරීම පිළිබඳ මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වෙත තම ස්තූතිය පළ කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලොව බලවත් නායකයෙකුගෙන් හිමි වූ මෙම කුළුපඟ මිත‍්‍රශීලීත්වය පිළිබඳ තමා ඉතා ආඩම්බරවන බවත්, මෙම ආරාධනය දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ලැබුණු අනර්ඝතම අවස්ථාවක් ලෙස සළකන බවත් කියා සිටියේය.

    ශී‍්‍ර ලංකා - රුසියා සබඳතා ආරම්භ වූයේ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් වන අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියට ගෙන යාම තම වගකීමක් ද වන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.  මීට දශක 04 කට පෙර තමා  රුසියාවට පැමිණි අවස්ථාව ද මෙහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය.

    ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර ද්වි පාර්ශවික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 04 කට ද අද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබේ. රුසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ධීවර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට, තාක්ෂණික සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට, සංස්කෘතික කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ සංචාරක කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට මේ අනුව අත්සන් තැබෙනු ඇත.

    අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක්ව සිටිති.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya