අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

    මාර්තු 23, 2017

    උතුරු නැඟෙනහිර පළාත් ඇතුළුව, බෞද්ධ, හින්දු, ක්‍රිස්ත්‍රියානි සියලු පුරාවිද්‍යා වටිනාකම් හඳුනාගෙන සියලු පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    වසර 2009 සිට 2015 තෙක් විධිමත් ආකාරයෙන් සංරක්ෂණය වීමක් සිදු නොවන බවට හඳුනාගෙන තිබෙන බව කී අමාත්‍යවරයා,එම කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව සඳහන් කළේ ය.

    පවතින තොරතුරු අනුව දැනට වාර්තා වී ඇති පරිදී සම්පූර්ණ ගවේෂණයක් සිදු කර වාර්තාවක් ලබාදිය හැකි බවද අමාත්‍යවරයා පවසා සිටියේ ය.

    එහිදී නැන්ගී සිටි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවත් ඒ අනුව සිවිල් ආරක්ෂක බලකයේ 2500ක් පමණ යොදවා තිබෙන  බවත් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya