අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය සතු දේපළ විකිණීමට උත්සාහ දරණ බවට මතවාදයක් ඇති කිරීමට උත්සහ ගන්නවා

    මාර්තු 22, 2017

    රජය සතු දේපළ විකිණීමට උත්සාහ දරණ බවට ප්‍රෝඩාවක්, මතවාදයක් ඇති කිරිමට ඇතැමුන් උත්සාහ දරන බව නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ, රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඊයේ පැවැති සභාව කල්තැබීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

    අපි එහේම කියලා මේ ආයතන විකුණන්නේ නැහැ.මේ වසරේ පමණක්  ජලසම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘති වලට පමණක් බිලියන තුන්සියයක් වෙන් කරනවා.ණය වශයෙන් අපි ලබා  ගන්නා මුදල් අපට ගෙවීමට සිදු වෙනවා.මේ දේවල් ගැන ඔබ නොදන්නවා නෙවෙයි. මේ අය කරන්නේ ජනතාවට පාරට ගෙන්වා උද්ඝෝෂණය කරවීමයි.හම්බන්තොට වරායේ කටයුතු අපි ඉදිරියට කරගෙන යනවා. සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව කරගෙන යනවා.ඒ කිසිවක් නතර කරන්නේ නැහැ.ඒ වගේම අගය එකතු කළ නිෂ්පාදන ක්‍රියාවලියට අපි දායක විය යුතු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya