Print this page

චීනයේ ආරක්ෂක ඇමැති ජනපති හමුවෙයි

මාර්තු 20, 2017

ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චාන්ග් වන්ගුඅන් ( Chang Wanquan ) මහතා අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

මෙම හමුව ජනාධිපති නිල නිවසේදී සිදු විය.