අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ජුබිලි සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන්

    මාර්තු 18, 2017

    නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ජුබිලි සැමරුම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (17) පස්වරුවේ පැවැත්විණි.

    1942 වසරේදී කතෝලික කන්‍යා සොයුරියන් විසින් ඉංගී‍්‍රසි මාධ්‍ය පාසලක් ලෙස මෙම පාසල ආරම්භ කරනු ලැබීය. පසුකාලීනව එය රජයට පවරාගත් අතර මේ වන විට සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් සිසුවියන් 2300 ක් පමණ එහි අධ්‍යාපනය ලබති.

    ඊයේ පස්වරුවේ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. විද්‍යාලයේ ජුබිලි සැමරුම වෙනුවෙන් ඉදිකළ පුස්තකාල ගොඩනැඟිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ශිෂ්‍යාවන්ගේ නිර්මාණ ඇතුළත් චිත‍්‍ර ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය. අනතුරුව පැවති උත්සවයේ දී විද්‍යාලය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ගුරු භවතුන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ලෙස දෙළුම් පැළයක් පිළිගැන්විණි.

    අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, විදුහල්පතිනි චාන්දනී පෙරේරා මහත්මිය සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya