Print this page

අම්බලන්තොට නව සංස්කෘතික මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ

මාර්තු 16, 2017
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ඉදිකරන ලද අම්බලන්තොට නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම අද (16) පෙරවරුවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව සංස්කෘතික මධ්‍යස්ථානයේ සාමාජික සාමාජිකාවන් ලියාපදිංචි කිරීම ද සිදුකළේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී නාවින්න, මහින්ද අමරවීර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වර්ණපාල ඇතුඑ මැතිඇමතිවරුන් පිරිසක් සහභාගී වූහ.