අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමටගොඩ බුරුම විහාරස්ථානයේ සත් මහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

    මාර්තු 15, 2017

    දෙමටගොඩ, මකුටාරාමය හෙවත් බුරුම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය,  දාන ශාලාව, සීමාමාලකය සහිත සත් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (14) පැවැත්විණි.

    මකුටාරාම විහාරාධිපති පූජ්‍ය කිත්තිසාර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ කළමණාකරන කමිටුවේ අනුශාසක නායක ස්වාමින්වහන්සේලාගේ අනුශාසනා පරිදි බුරුම ජාතික සැදැහැවත් බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් මෙම අභිනව ඉදිකිරීම් සිදු කර තිබේ.

     

    ඊයේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව සංඝාවාසය, දාන ශාලාව, සීමාමාලකය සහිත සත් මහල් ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය.

     

    ඒ සඳහා ධන පරිත්‍යාග සිදු කළ බුරුම ජාතික සැදැහැවතුන් වෙත ප්‍රසාද තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥාණීස්සර නායක ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති පුණ්‍යෝත්සවයට අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, විද්‍යෝදය පරිවෙනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත, රැන්ගුන් නුවර සෙකයින් පිරිවෙන් අධ්‍යක්ෂ අග්ගමහා පණ්ඩිත භදන්ත ධම්මානන්ද යන නායක ස්වාමින් වහන්සේලා ඇතුථ මහා සංඝරත්නය වැඩම කර සිටී අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුථ දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya