අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය'' සමාප්ති උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 13, 2017

    ''අපි සූදානම්, ඔබ සූදානම් ද'' තේමාව යටතේ තෙදිනක් පුරා පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය වුන් කදවුරේ, සමාප්ති උත්සවය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12)  පැවැත්විණි.

    දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංගවලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන තරුණ කඳවුරු මාලාවේ පළමුවැන්න ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් තුන්දහසකගේ පමණ සහභාගිත්වයෙන් මෙම තරුණ කඳවුර පැවැත්විණි.

     

    මෙම සමාප්ති උත්සවයේ දී කදවුරට සහභාගී වූ තරුණ තරුණියන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    අනතුරුව ජනාධිපතිතුමා තරුණ තරුණියන් සමඟ සුහද කථා බහක නිරත වූ අතර සෞන්දර්යාත්මක හා ප්‍රායෝගික දැනුමෙන් සපිරි මෙම තෙදින තරුණ කදවුරේදී තරුණ තරුණියන් ලද අත්දැකීම් එහිදී ඔවුන් ජනාධිපතිතුමා සමඟ පැවසීය.


     
    තරුණ කදවුරට සමගාමීව එහි සිට ජනාධිපති මාධ්‍ය අංශය මගින් විසුරුවා හරින ලද ''සරු'' ගුවන් විදුලියේ ද ජනාධිපතිතුමා නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya