මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 23 වැන්න ඓතිහාසික උණගලාවෙහෙර රජමහා විහාරස්ථානය දී

    මාර්තු 12, 2017

    සෑම පුන්පොහෝ දිනකම දිවයිනේ ප‍්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍රකරගනිමින් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 23 වැනි දම් සභා මණ්ඩපය මැදින් පුරපසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද (12) දිනයේ හිරඟුරක්ගොඩ ඓතිහාසික උණගලාවෙහෙර රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

    සත්ජන සමාජ සංවර්ධන පදනමේ උත්තරීතර මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා ශ්වෙජින් මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමවාසී, ශාස්ත‍්‍රපති පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ අද දින ධර්ම දේශකයාණන් වහන්සේ වූහ.

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට එක්ව සිටී අතර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාලක කොලොන්නේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ඊට සහභාගී වූහ.

    "පිබිදෙමු පොලොන්නරුව රජ රට නවෝදය" ව්‍යාපෘතිය යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු උණගලා වෙහෙර චෛත්‍ය ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක, හිඟුරක්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති උණගලාවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය ගිරිතලේ ඤාණිස්සර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පුණ්‍යෝත්සවය සංවිධානය කර තිබුණි.
     
    පොලොන්නරුව ඉපැරැණි නගරයට උතුරු දිසාවෙහි පිහිටා තිබෙන අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැලකෙන ආරම සංකීර්ණයක නටඹුන්වලින් යුක්ත උණගලා වෙහෙර පුරාවිද්‍යා භූමියේ පිහිටි මෙම ඉපැරැණි දාගැබ පිළිසකර කටයුතු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya