මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාරුණ්‍යය ගොඩනැංවීමට කැපවෙනවා- ජනපති

    මාර්තු 12, 2017

    උගතුන්ගේ වෙළෙඳපොළ ජයග‍්‍රහණය කළ හැකි බුද්ධිමත් තරුණ පරපුරක් මෙන්ම ආත්මාභිමානයෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුතු යහපත් තරුණ පරපුරක් රට තුළ ගොඩනැංවීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම මේ වන විට රජය සිදු කරමින් සිටින බවද සඳහන් කළ ජනාධිපතිතුමා රටේ තාරුණ්‍යය ගොඩනැංවීම වෙනුවෙන් සියලු වගකීම් ඉටු කරන බව ද කියා සිටියේය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කඳවුරේ සමාරම්භක උත්සවයට පසුගියදා එක් වෙමිනි.
     
    දේශයේ ඉදිරි සංවර්ධන කි‍්‍රයාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංග වලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත වැඩසටහන කි‍්‍රයාවට නැංවෙයි.  

    රට පුරා දියත් කෙරෙන තරුණ කඳවුරු වැඩසටහන් මාලාවේ පළමුවැන්න මෙය වන අතර පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කඳවුර මාර්තු මස 10,11,12 තෙදින පුරා පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වෙයි.

    සමාරම්භක උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිදහසින් පසු ශී‍්‍ර ලංකාවේ එක් දිස්ති‍්‍රක්කයක් කේන්ද්‍ර කර ගනිමින් තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවන් තෙදින තරුණ කඳවුරක් සංවිධානය කෙරුණු පළමු අවස්ථාව මෙය වන බවයි.

    පොලොන්නරුවෙන් ලබාදෙන මෙම ආදර්ශය රට පුරා කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මතින් නිදහස් තරුණ්‍යයක් රට තුළ ගොඩනැගීම සඳහා වත්මන් රජය කැපවිමෙන් කටයුතු කරන බවද සඳහන් කළ ජනාධිපතිතුමා රටේ තාරුණය දැනුමෙන්, බුද්ධියෙන් මෙන්ම යහපත් ගුණවගාවකින් ද පිරිපුන් තාරුණ්‍යයක් බවට පත් කළ යුතු බව ප‍්‍රකාශ කළේය.

    රටේ තරුණ පරපුර ඇතුළු ජනතාවට යහපත් පණිවිඩයක් ලබාදීම මාධ්‍යයේ ද වගකීමක් බව පැවසූ ජනාධිපතිතුමා පෞද්ගලික සහ දේශපාලන න්‍යාය පත‍්‍රවලින් බැහැරව රටත්, ජනතාවත් වෙනුවෙන් වූ වගකීම් ඉටු කරමින් යෞවනයට නිවැරදි මගපෙන්වීමක් ලබාදීමට කැපවන ලෙස සියලූ මාධ්‍ය ආයතනවලින් ද ඉල්ලා සිටියේය.

    යොවුන් කඳවුර වෙත පැමිණි ජනාධිපතිතුමා තරුණ තරුණියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

    අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ පොලොන්රුව  දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya