අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි වෛද්‍ය පීඨයක් බවට ''සයිටම්'' පත් කිරීම හොඳ විකල්පයක්

    මාර්තු 09, 2017

    වර්තමානයේ සයිටම් හි  සුදුස්සන් සහිත සිසුන්ට වෛද්‍ය උපාධිය හා වෘත්තීය බලපත්‍රය ලබාදීම සඳහා අන්තර්කාලීන විසඳුමක් සහ අවශ්‍ය නීතිරීති සංශෝධනය කිරීමට අවශ්‍ය බවත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි වෛද්‍ය පීඨයක් බවට සයිටම් පත් කිරීම හොඳ විකල්පයක් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා ප්‍රකාශ කරයි.

    නියෝජ්‍ය අමාත්‍යවරය අද (09) පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළේ, සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    අධ්‍යාපනය වෙළඳපොළ බලවේගවල මෙහෙයවන පාරිභෝගික සේවාවක් හෝ පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වුවහොත් අධ්‍යාපනයේ අපේක්ෂිත පරමාර්ථ ගිලිහී යනවා. ලෝකයේ මුදලට අධ්‍යාපනය ලබාදෙන ආයතන තිබුණත් ඒවා පාරිභෝගික භාණ්ඩ වූ අධ්‍යාපනයක් නෑ, දියුණු රටවල.

    කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ගේනකොට සමහර පාසල් ඉතුරු කළා මුදල් ගෙවා ඉගෙන ගන්නා පාසල් ලෙසට. එහෙත් අද වැරදි මතයක් වගා වෙමින් යනවා,
    අධ්‍යාපනය වෙළඳපොළ තරඟකාරීත්වය මත සහ වෙලඳපොළ බලවේග මත නිදහසේ ක්‍රියාත්මක වන්නට යෙදිය යුතුයි කියලා.  

    වෛද්‍යවරයා අනෙක් වෘත්තියාට උසස් වූ පහත් වන්නේ නෑ.සමහර වෛද්‍යවරු කියාගන්නවා අපේ වෘත්තිය උසස් කියලා. එසේ නොවුනත් වෛඩ්‍ය අධ්‍යාපනයට එහෙම තියෙනවා කියා සිතෙනවා. ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සුජාතා රාවෝ කියනවා, වෛද්‍ය අධ්‍යාපනය වාණිජකරණය වීම ඉන්දියාව තුළ සිදු වූ විශාලම වරදයි කියලා. අපි ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රශ්නයත්, සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නයත් අර්බුදයකට ලක්වෙනවා, මේ ආයතනය මෙලෙසම ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නොත්. මෙතැන අපි විකල්පයක් සොයාගත යුතුයි.විකල්පය කතා කළේ නෑ.

    වර්තමානයේ සයිටම් හි සිටින සුදුස්සන් සහිත සිසුන්ට වෛද්‍ය උපාධිය හා වෘත්තීය බලපත්‍රය ලබාදීම සඳහා අන්තර්කාලීන විසඳුමක්, අවශ්‍ය නීතිරීති සංශෝධනය කිරීමට අවශ්‍යයි. එකී සිසුන්ට සුදුසු විභාගයකට පෙනී සිටීමට අවශ්‍ය වාතාවරණය නීති ප්‍රකාරව සළසා දිය යුතුයි. ඔවුන් ලැබූ පුහුණුවේ කිසියම් අඩුවක් තිබේ නම්, සීමාවාසික පුහුණුව වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයක් ගත හැකියි.

    ලියාපදිංචි වී සිටින සිසුන්ගේ ප්‍රශ්නය විසඳා, සයිටම් ආයතනයට යන කලදසාව මොකක්ද? කියා සොයන්න අවශ්‍යයි. සයිටම ය ඔය ගොඩනැඟිලි තොගය පිටින්ම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අන්තර්ග්‍රහණය කිරීමකළ හැකියි. හොඳම විකල්පය,රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි වෛද්‍ය පීඨයක් බවට සයිටම් පත් කිරීමයි.විවෘත විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කරන්න යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya