මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට අවශ්‍ය වෛද්‍යවරු වැඩි කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි

    මාර්තු 09, 2017

    රටට අවශ්‍ය වෛද්‍යවරු වැඩි කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමාත්‍යවරය අද (09) පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළේ, සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

    අපේ රටේ සිසුන් විශාල පිරිසක් විදේශ රටවලට යනවා. අපේ ප්‍රතිපත්තිය ඇතුළේ ප්‍රශ්නයක් තිබෙනවා. උපාධි පාඨමාලා හාදාරන්න අලුත් අඳහස් ගේන්න අවශ්‍යයි.සියලු දෙනා එකතු වී ප්‍රමිතියක් එකතු කළ යුතුයි, එවිට සෑම විශ්වවිද්‍යාල සිසුවෙකුටම සමනාත්මතාවයක් ලැබෙනවා.

    අද විශාල පිරිසකට අධ්‍යාපනයේ ඉහළ තැනකට යන්න අවශ්‍යයි.අපේ රටේ අදටත් පුද්ගලයෝ දහසකට එක් වෛද්‍යවරයෙක්වත් නෑ. අපි ප්‍රශ්නය වාද කරල ප්‍රශ්නය වහල දමනවා. සාමාන්‍ය ජනයා ගැන කල්පනා කළ යුතුයි. මෙතැන අසමානතාවක් තිබෙනවා. අපි කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. අපේ රටට වෛද්‍යවරු මදි. වෛද්‍යවරු වැඩි කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.අපේ සෞඛ්‍ය සේවය හොඳම සෞඛ්‍ය සේවය බව ඇත්ත. අදත් වෘත්තියේ ප්‍රයෝජනය ලබන්නේ සල්ලිකාරයෝ පමණයි. ඒ නිසා මෙයට ක්‍රමවේදයක් අවශ්‍යයි. සයිටම් ආවේ ඒ නිස වෙන්න ඇති. අපි සිටිය ආණ්ඩුව කාලේ සයිටම් ආවේ. අපේ රටට අවශ්‍ය තරම් වෛද්‍යවරු නොමැතිකම ප්‍රශ්නයක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya